

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා.
ඒ අනුව Subclass 407 හෙවත් Training Visa සඳහා ඔස්ට්‍රේලියාව තුළ සිට නව අයදුම්පත් ඉදිරිපත් කිරීම සාමාන්‍ය අයදුම්කරුවන්ට තහනම් කර තිබෙනවා.
Department of Home Affairs නිවේදනය කරන්නේ, මෙම වීසා සඳහා අයදුම් කරන අවස්ථාවේදී මෙන්ම වීසා අනුමත කරන අවස්ථාවේදීද අයදුම්කරු ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු බවයි.

එබැවින් දැනට ඔස්ට්‍රේලියාවේ Student Visa, Graduate Visa හෝ වෙනත් තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයෙකුට 407 Training Visa සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම්, සාමාන්‍යයෙන් පළමුව ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට සිදුවනවා.
විශේෂත්වය වන්නේ ImmiAccount පද්ධතිය හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්පතක් ඉදිරිපත් කිරීමට තාක්ෂණිකව හැකියාව තිබුණද, එවැනි අයදුම්පතක් නීත්‍යනුකූලව වලංගු නොවන බව ආගමන දෙපාර්තමේන්තුව පැහැදිලිව ප්‍රකාශ කර තිබීමයි.
එමෙන්ම මෙවැනි අවලංගු අයදුම්පතක් ඉදිරිපත් කිරීම පුද්ගලයෙකුගේ පවතින වීසා තත්ත්වයටද බලපෑම් ඇති කළ හැකි අතර, අයදුම්පත අවලංගු බවට ගන්නා තීරණය සම්බන්ධයෙන් Administrative Review Tribunal වෙත සාමාන්‍ය merits review ඉල්ලීමක් කළ නොහැකි බවද සඳහන්.
විදේශයක සිට 407 වීසා අයදුම් කරන පුද්ගලයන්ට එම අයදුම්පත මත පදනම්ව Bridging Visa එකක්ද හිමිවන්නේ නැහැ.
තවත් වැදගත් කරුණක් වන්නේ අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට 407 වීසා අයදුම් කිරීමෙන් පසුව වෙනත් වලංගු වීසා බලපත්‍රයක් යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව තිබුණද, 407 වීසා අනුමත කරන අවස්ථාවේදී නැවත ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටීමට සිදුවීමයි.
කෙසේ වෙතත්, නොවැම්බර් 12 වැනිදාට පෙර නීත්‍යනුකූලව ඉදිරිපත් කළ 407 Training Visa අයදුම්පත් සඳහා මෙම නව නීති අදාළ නොවන අතර, ඒවා අයදුම් කළ අවස්ථාවේ පැවති නීති යටතේ සලකා බලනු ලබනවා.
මේ අතර මෙම වසරේ මාර්තු 11 වැනිදා සිට ක්‍රියාත්මක වූ තවත් නීති වෙනසකට අනුව, 407 Training Visa අයදුම් කිරීමට පෙර අදාළ ආයතනයේ Sponsorship සහ අයදුම්කරුගේ Nomination අනුමත වී තිබීමද අවශ්‍ය වනවා.
ආගමන බලධාරීන් පෙන්වා දෙන්නේ Training Visa වැඩසටහනේ නීතිමය විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සහ තාවකාලික වීසා මාරු කරමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ ක්‍රම පාලනය කිරීම මෙම වෙනස්කම්වල අරමුණ බවයි.
ඒ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ සිට 407 Training Visa සඳහා අයදුම් කිරීමට සැලසුම් කරන පුද්ගලයන් තම වර්තමාන වීසා කාලය, Sponsorship සහ Nomination අනුමැතිය මෙන්ම විදේශගත වීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා.
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...
Queensland ප්‍රාන්ත රජය විසින් 2026–27 මූල්‍ය වර්ෂය සඳහා වන State Nominated Migration Program එක නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ...
මෙල්බන් වයඹදිග ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් (Aged Care Facility) ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් පසු එම ස්ථානයට විශේෂ පොලිස්...
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් 28 සහ 29 දින නිකුත් වූ නවතම ආර්ථික...
ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...
ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස