Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

Brisbane නගරයට කිලෝමීටර් 300ක් පමණ උතුරින් පිහිටි Hervey Bay ප්‍රදේශයේ පදිංචි Tania Murphy මෙලෙස ලොව විශාලතම කැස්බෑ සහ ගොඩබිම් ඉබ්බන් ආශ්‍රිත භාණ්ඩ එකතුවට හිමිකම් කියනවා.

ඇයගේ මෙම අසාමාන්‍ය විනෝදාංශය ආරම්භ වී ඇත්තේ වයස අවුරුදු පහේදී සිය සහෝදරියට අයත් කැස්බෑ හැඩයේ සෙල්ලම් බඩුවක් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

Advertisement

එතැන් සිට වසර 50කට ආසන්න කාලයක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ එකතු කිරීමට ඇය දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා.

විශාල ලී කැටයම්, කුඩා පිඟන් මැටි රූප, පිඟන්, වීදුරු භාණ්ඩ, චිත්‍ර සහ සෙල්ලම් බඩු ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ දහස් ගණනක් ඇයගේ එකතුවට ඇතුළත් වනවා.

Banner 01

සංචාරවලදී මෙන්ම පැරණි භාණ්ඩ අලෙවිසැල් සහ Garage Sales හරහා මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර, උපන්දින සහ නත්තල් තෑගි ලෙස ද ඇයට කැස්බෑ ආශ්‍රිත භාණ්ඩ ලැබී තිබෙනවා.

මෙම ගිනස් ලෝක වාර්තාව ලබාගැනීම සඳහා ඇයට සෑම භාණ්ඩයක්ම වෙන වෙනම ඡායාරූපගත කර, ඒවායේ විස්තර, නිෂ්පාදිත ද්‍රව්‍ය සහ හඳුනාගැනීමේ අංක ඇතුළත් දත්ත ගබඩාවක් සකස් කිරීමට සිදුවුණා.

ස්වාධීන සාක්ෂිකරුවන් දෙදෙනෙකු පැය 17කට ආසන්න කාලයක් වැය කරමින් මෙම භාණ්ඩ ගණනය කර ඇති අතර, ගිනස් ලෝක වාර්තා ආයතනයට ගොනු 6,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මාස තුනක පමණ ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ඇයගේ වාර්තාව නිල වශයෙන් පිළිගැනීමට Guinness World Records ආයතනය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, භාණ්ඩ 5,373කින් සිය එකතුව නතර කිරීමට ඇය සූදානම් නොමැති අතර, එය භාණ්ඩ 10,000ක් දක්වා වර්ධනය කිරීම තම මීළඟ ඉලක්කය බවයි Tania Murphy පවසන්නේ.

මේ වනවිට ඇයගේ නිවසේ ගරාජය කුඩා කෞතුකාගාරයක් ලෙස සකස් කර ඇති අතර, ඉදිරියේදී කලින් වේලාවක් වෙන්කරගන්නා ජනතාවට නොමිලේ එම එකතුව නැරඹීමට අවස්ථාව ලබාදීමට ද ඇය සැලසුම් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...

Queensland ප්‍රාන්ත රජය විසින් 2026–27 මූල්‍ය වර්ෂය සඳහා වන State Nominated Migration Program එක නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයන්ට වැදගත් වන 2026/27 State Nomination වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රාන්ත රැසක් නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා....

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom