Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය වෙනුවෙන් නිර්මාණය කෙරෙන විශේෂ ගුවන් යානයක් පැය 24කට අධික කාලයක් නොනවත්වා පියාසර කරමින් නව Guinness ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

Qantas සමාගමේ Project Sunrise වැඩසටහන සඳහා නිර්මාණය කළ Airbus A350-1000ULR ගුවන් යානය මෙල්බන් සිට ප්‍රංශයේ Toulouse දක්වා කිලෝමීටර් 23,155ක දුරක් පැය 24යි මිනිත්තු 24කින් පියාසර කර තිබෙනවා.

මෙම ඓතිහාසික පරීක්ෂණ ගුවන් ගමන 2026 ජූලි 27 සහ 28 යන දිනවල සිදුකර ඇති අතර, එය වාණිජ මගී ගුවන් යානා වර්ගයකින් සිදුකළ වැඩිම දුර පියාසර කිරීම ලෙස නොවැම්බර් 9 වැනිදා Guinness World Records විසින් නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

Advertisement

මෙම ගුවන් යානය මෙල්බන්වලින් පිටත්ව පැසිෆික් සාගරය හරහා ඇමෙරිකාවේ Los Angeles දෙසට ගමන් කර, උතුරු ඇමෙරිකාව සහ අත්ලාන්තික් සාගරය පසුකර ලන්ඩනයට ඉහළින් පියාසර කිරීමෙන් අනතුරුවයි ප්‍රංශයට ළඟා වී ඇත්තේ.

ගමන අතරතුර ගුවන් කාර්ය මණ්ඩලයට හිරු උදාවීම් දෙකක් සහ හිරු බැසයෑම් දෙකක් දැකගැනීමට අවස්ථාව ලැබී තිබීම විශේෂත්වයක්.

Banner 01

මෙම ගුවන් ගමනට සහභාගී වී ඇත්තේ පුද්ගලයන් 13 දෙනකු පමණක් වන අතර, ඔවුන් අතර Airbus පරීක්ෂණ නියමුවන්, Qantas නියමුවන් සහ ඉංජිනේරු විශේෂඥයන් සිටිනවා.

මෙය සාමාන්‍ය මගීන් රැගෙන ගිය ගුවන් ගමනක් නොව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉතා දිගු ගුවන් ගමන් සඳහා සිදුකළ විශේෂ පරීක්ෂණයක් බව ද සඳහන්.

මෙම Airbus A350-1000ULR ගුවන් යානයට අමතර ඉන්ධන ලීටර් 20,000ක් රැගෙන යා හැකි පරිදි විශේෂ ඉන්ධන ටැංකියක් සවිකර තිබෙනවා.

Qantas සමාගම සිය Project Sunrise වැඩසටහන යටතේ 2027 ඔක්තෝබර් මාසයේ සිට Sydney සහ London අතර නොනවතින මගී ගුවන් සේවාවක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම සේවාව මඟින් දැනට අතරමැදි නැවතුම් සහිත ගුවන් ගමන්වලට සාපේක්ෂව පැය හතරක පමණ කාලයක් ඉතිරි කරගත හැකි බව Qantas සමාගම පවසනවා.

එමෙන්ම Sydney සිට New York දක්වා නොනවතින ගුවන් සේවාවක් 2028 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

නව ගුවන් සේවාව සඳහා යොදාගන්නා පළමු ගුවන් යානය 2027 අප්‍රේල් මාසයේදී Qantas සමාගමට භාරදීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගමක් වන Bathla Group බිඳවැටීමත් සමඟ Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ අඩක් නිමකළ නිවාස ව්‍යාපෘති රැසක් වසර...

ඔස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයන්ට වැදගත් වන 2026/27 State Nomination වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රාන්ත රැසක් නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඇති කරගැනීමට සැලසුම් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම (Australia–EU Free Trade Agreement) මඟින් රටේ ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Qantas ලෝක ගුවන් ඉතිහාසය අලුත් කරයි

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom