Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

App Collect ලෙස නම් කර ඇති මෙම නව සේවාව යටතේ, සුදුසුකම් සපුරන පාරිභෝගිකයන්ට Driver Licence, Passport හෝ වෙනත් භෞතික හැඳුනුම්පතක් රැගෙන නොගොස් තම ජංගම දුරකථනය භාවිතයෙන් පාර්සල් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

Australia Post ආයතනය අද නිවේදනය කළේ මෙම පහසුකම ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක කර ඇති බවයි.

Advertisement

නව සේවාව භාවිත කිරීමට පාරිභෝගිකයන්ට Aus Post App එක සහ අනන්‍යතාව තහවුරු කළ MyPost ගිණුමක් තිබිය යුතුයි.

එමෙන්ම පාරිභෝගිකයාගේ ජංගම දුරකථන අංකය සහ ලිපිනය, පාර්සලයේ සඳහන් තොරතුරු සමඟ ගැළපිය යුතු බවද Australia Post ආයතනය සඳහන් කරනවා.

Banner 01

පාර්සලයක් ලබාගැනීමට සූදානම් වූ විට සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට App එක හරහා Awaiting Collection යන දැනුම්දීම ලැබෙන අතර, එහි ඇති QR Code එක තැපැල් කාර්යාලයේ සේවකයන්ට පෙන්වීමෙන් අමතර හැඳුනුම්පතක් ඉදිරිපත් නොකර පාර්සලය ලබාගත හැකියි.

Australia Post ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව, තැපැල් කාර්යාලයෙන් පාර්සල් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට තම හැඳුනුම්පත රැගෙන ඒම අමතක වී තිබෙනවා.

ඒ හේතුවෙන් පාර්සල් ලබාගැනීමේදී සිදුවන අපහසුතා අවම කිරීම සහ සේවාව වඩාත් වේගවත් කිරීම මෙම නව ක්‍රමයේ ප්‍රධාන අරමුණයි.

කෙසේ වෙතත්, මෙම පහසුකම සියලුම පාර්සල් සඳහා අදාළ නොවන අතර, වයස් සීමාවන්ට යටත් භාණ්ඩ සහ විශේෂ අනන්‍යතා පරීක්ෂාවන් අවශ්‍ය පාර්සල් ලබාගැනීමේදී තවදුරටත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවිය හැකියි.

Australia Post ආයතනයේ Retail, Brand and Marketing අංශයේ විධායක සාමාන්‍යාධිකාරී Josh Bannister පවසන්නේ මෙම නව පහසුකම මගින් පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් සහ වේගයෙන් තම පාර්සල් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

විශේෂයෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල නත්තල් සමය වෙනුවෙන් පාර්සල් බෙදාහැරීම් ඉහළ යන අවස්ථාවක මෙම නව සේවාව හඳුන්වාදීම පාරිභෝගිකයන්ට පහසුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පහසුකම ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට Australia Post App එක නොමිලේ Download කර MyPost ගිණුමක් ආරම්භ කළ හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...

Queensland ප්‍රාන්ත රජය විසින් 2026–27 මූල්‍ය වර්ෂය සඳහා වන State Nominated Migration Program එක නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, Sydney සිට දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංචාරක නගරයක් වන Cape Town දක්වා ප්‍රථම වරට අතරමැදි...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...

ඔස්ට්‍රේලියාවේ Sydney නගරයේ නිරිතදිග Casula ප්‍රදේශයේ පිහිටි Casula High School පාසල අසලදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු පිහි ඇනුම් කිහිපයකට ලක්ව...

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර පැරිස් දේශගුණික ගිවිසුමෙන් (Paris Agreement) ඉවත් වුවහොත්, රටේ අපනයන කර්මාන්තයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව Liberal...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom