Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර ගුවන් ගමනට මිනිත්තු 40කට පෙර අවසන් කළ ගමන් මලු භාරගැනීම, නොවැම්බර් 10 සිට ගුවන් යානය පිටත්වීමට මිනිත්තු 60කට පෙර අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

යුරෝපීය ගුවන්තොටුපළවල ආරක්ෂක පරීක්ෂණ සහ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඇතිවන දිගු පෝලිම් හේතුවෙන් මගීන්ට ගුවන් ගමන් මඟහැරීම වැළැක්වීම මෙහි අරමුණයි.

Advertisement

කෙසේ වෙතත්, මෙම වෙනස බලපාන්නේ ගුවන් තොටුපළේදී භාරදෙන ගමන් මලු සහිත මගීන්ට පමණක් බව සමාගම පවසනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ Qantas, Virgin Australia සහ Jetstar ගුවන් සේවාවල ද ගමන් මලු භාරගැනීමේ කාලසීමා වෙනස් වනවා.

Banner 01

Qantasහි දේශීය ගුවන් ගමන් සඳහා මිනිත්තු 30කට පෙර සහ ජාත්‍යන්තර ගමන් සඳහා මිනිත්තු 60කට පෙර ද Virgin Australiaහි දේශීය ගමන් සඳහා මිනිත්තු 30කට පෙර සහ ජාත්‍යන්තර ගමන් සඳහා මිනිත්තු 60කට පෙර ද Jetstarහි දේශීය ගමන් සඳහා මිනිත්තු 40කට පෙර සහ ජාත්‍යන්තර ගමන් සඳහා මිනිත්තු 60කට පෙර ලෙසයි කාලසීමා දැක්‌වෙන්නේ.

එබැවින් ගුවන් ගමන් සඳහා පිටත්වීමට පෙර අදාළ ගුවන් සේවාවේ ගමන් මලු භාරගැනීමේ අවසන් වේලාව පරීක්ෂා කර, ප්‍රමාණවත් වේලාවක් ඇතිව ගුවන්තොටුපළට පැමිණෙන ලෙස මගීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල...

Victoria ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව තිබෙනවා....

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ගුවන් ගමන් මඟහැරීම වළක්වන්න ගුවන් සේවයකින් අලුත් තීරණයක්

ඔස්ට්‍රේලියාවේ Bridging Visa B තියෙන අයට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම වෙනස ප්‍රධාන

Read More »

ගුවන් ගමන් මඟහැරීම වළක්වන්න ගුවන් සේවයකින් අලුත් තීරණයක්

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ගුවන් ගමනට

Read More »

Brisbaneහි ගොඩනැගිලි තවත් උඩට යයි – නිවාස දහස් ගණනකට ඉඩ

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane City Council විසින් ඉදිරිපත් කර

Read More »

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom