Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා Mounjaro වැනි ඖෂධ භාවිත කරන පුද්ගලයන්ට, බර අඩුවීමත් සමඟ මාංශ පේශි ප්‍රමාණය ද අහිමි විය හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

University of Western Australia පර්යේෂකයන් සිදුකළ මෙම ලොව පළමු අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ, බර අඩුකරන ඖෂධ සමඟ Strength Training හෙවත් මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාමවල නිරත වීමෙන් එම පටක අහිමිවීම සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවයි.

මෙම පර්යේෂණය සඳහා වැඩිහිටියන් 120 දෙනකු සහභාගී කරගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනාටම සති 40ක කාලයක් Mounjaro ඖෂධය ලබාදී තිබෙනවා.

Advertisement

ඉන් එක් කණ්ඩායමක් නිතිපතා බර ඉසිලීම ඇතුළු Strength Training ව්‍යායාමවල නිරත කර ඇති අතර, අනෙක් කණ්ඩායම එවැනි විශේෂ ව්‍යායාම වැඩසටහනකට සහභාගී වී නැහැ.

පර්යේෂණය අවසානයේ කණ්ඩායම් දෙකේම පුද්ගලයන්ගේ ශරීර බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 22කින් පමණ අඩුවී තිබුණා.

Banner 01

කෙසේ වෙතත්, ව්‍යායාම කළ කණ්ඩායමේ මාංශ පේශි ඇතුළු Lean Tissue අහිමිවීම අනෙක් කණ්ඩායමට සාපේක්ෂව සියයට 25කින් පමණ අඩුවී ඇති බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ව්‍යායාම කළ පුද්ගලයන්ගේ ශාරීරික ශක්තිය සහ එදිනෙදා කටයුතු සිදුකිරීමේ හැකියාව ද වැඩිදියුණු වී තිබෙනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ බර වේගයෙන් අඩුවීමේදී මාංශ පේශි අහිමිවීම, විශේෂයෙන්ම වැඩිහිටි පුද්ගලයන්ගේ ශාරීරික දුර්වලතාව, සමබරතාව අඩුවීම සහ වැටීම් හේතුවෙන් සිදුවන අනතුරු සඳහා අවදානමක් ඇති කළ හැකි බවයි.

ඒ අනුව බර අඩුකරන ඖෂධ නිර්දේශ කිරීමේදී වෛද්‍යවරුන් විසින් ඒ සමඟ සුදුසු ව්‍යායාම වැඩසටහනක් ද නිර්දේශ කිරීම වැදගත් බව පර්යේෂණයට සම්බන්ධ විශේෂඥයන් අවධාරණය කරනවා.

මෙවැනි ව්‍යායාම සඳහා අනිවාර්යයෙන්ම Gym එකකට යාම අවශ්‍ය නොවන අතර, නිවසේ සිටම සිදුකළ හැකි Squats, Lunges සහ Push-ups වැනි ව්‍යායාමද ප්‍රයෝජනවත් විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, බර අඩුකරන ඖෂධ භාවිත කිරීමේදී ශරීරයේ බර අඩුකර ගැනීම පමණක් නොව, මාංශ පේශි සහ ශාරීරික ශක්තිය ආරක්ෂා කරගැනීම ද අතිශයින් වැදගත් බව මෙම ඔස්ට්‍රේලියානු පර්යේෂණයෙන් තහවුරු වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක...

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර පැරිස් දේශගුණික ගිවිසුමෙන් (Paris Agreement) ඉවත් වුවහොත්, රටේ අපනයන කර්මාන්තයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව Liberal...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම හමුවේ Western Australia ප්‍රාන්තයේ සුදුසුකම් ලත් රියදුරන් පිරිසකට ඉන්ධන මිලෙන් නව discount එකක් ලබාදීමට ප්‍රාන්ත රජය...

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...

ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම වසරේ නත්තල් සමය ආසන්න කාලය...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Weight Loss Drugs ගැන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් හෙළිකළ අලුත්ම රහස

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom