

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන තිබෙනවා.
පසුගිය නොවැම්බර් 6 වැනිදා Walhalla East ප්‍රදේශයේ මිතුරෙකු සමඟ කඳවුරු බැඳීමට ගිය ඔහු, තවත් උපකරණ කිහිපයක් රැගෙන ඒමට පිටත්ව ගොස් ආපසු පැමිණෙන මාර්ගය සොයාගත නොහැකිව වනාන්තරයේ අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ.
ජංගම දුරකථනය, ආහාර සහ පානීය ජලය කඳවුරේ තබා ගොස් තිබූ William, දින කිහිපයක් වනාන්තරය තුළ ඇවිද යාමෙන් පසු බෑවුමකින් පහළට ඇදවැටී ඇති අතර, අවසන් දින දෙක ගංගාවක් අසල රැඳී සිට තිබෙනවා.

එම දින හය තුළ ඔහු දිවි රැකගෙන ඇත්තේ අර්තාපල් චිප්ස් පැකට්ටුවක් ආහාරයට ගනිමින් සහ ගංගාවේ ජලය පානය කරමින් බවයි පැවසෙන්නේ.
මේ අතර, දින හයක් පුරා ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුමකදී, Stoney Creek ප්‍රදේශය ආසන්නයේ තිබූ උපකරණ පෙට්ටියක් නිරීක්ෂණය කළ පොලිස් හෙලිකොප්ටර් කණ්ඩායමක්, ගංගාවක් අසළ පිහිටි ගලක් මත වැතිර සිටි William ව සොයාගෙන තිබෙනවා.
සම පිළිස්සීම් සහ සුළු තුවාල තිබුණද, ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
දින හයකට පසු සිය පුතු නැවත ජීවතුන් අතර දැකගැනීමට ලැබීම ගැන මහත් සතුටට පත් ඔහුගේ මව Elizabeth Barkley, පුතු සොයාගැනීමට කැපවූ සියලුදෙනාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...
Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ...
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...
සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...
ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවස්ථාවේදී දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස