Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න පිරිසකට නියමිත වැටුප් සහ දීමනා නිසි ලෙස ගෙවා නොමැති බව පිළිගෙන තිබෙනවා.

Fair Work Ombudsman ආයතනය අද නිකුත් කළ නිවේදනයකට අනුව, බැංකුව 2012 සිට 2026 දක්වා කාලය තුළ සේවකයන් 65,999 දෙනෙකුට ඩොලර් මිලියන 127ක වැටුප් සහ දීමනා අඩුවෙන් ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව අදාළ සේවකයන්ට හිමි නොගෙවූ වැටුප්, පොලී සහ Superannuation දීමනා ඇතුළුව ඩොලර් මිලියන 169ක මුදලක් ආපසු ගෙවීමට NAB බැංකුව එකඟ වී තිබෙනවා.

Advertisement

ඇතැම් සේවකයන්ට ඩොලර් 87,000කට වැඩි මුදලක් හිමිවීමට නියමිත අතර, එක් සේවකයෙකුට ලැබෙන සාමාන්‍ය ආපසු ගෙවීම ඩොලර් 1,934ක් පමණ වන බව සඳහන්.

මෙම වැටුප් ගෙවීමේ ගැටලුව 2019 වසරේදී බැංකුව විසින් හඳුනාගෙන තිබුණද, එය නිසි ලෙස විසඳීමට අපොහොසත් වීම හේතුවෙන් 2024 වසර වනවිටත් සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Banner 01

පැරණි වැටුප් ගෙවීමේ පරිගණක පද්ධති, සේවක තොරතුරු නිසි ලෙස පවත්වාගෙන නොයෑම සහ අභ්‍යන්තර පාලන දුර්වලතා මෙම ගැටලුවට ප්‍රධාන හේතු වී ඇති බව Fair Work Ombudsman ආයතනය පෙන්වා දෙනවා.

full-time, part-time සහ Casual සේවකයන් මෙම ගැටලුවෙන් පීඩාවට පත්ව ඇති අතර, සාමාන්‍ය වැටුප්වලට අමතරව Overtime, Penalty Rates, නිවාඩු දීමනා සහ Superannuation ගෙවීම් ද නිසි ලෙස සිදුකර නොමැති බව සඳහන්.

මේ වනවිට NAB බැංකුව අදාළ සේවකයන්ට ඩොලර් මිලියන 155කට වැඩි මුදලක් ආපසු ගෙවා ඇති අතර, ඉතිරි ගෙවීම් සම්පූර්ණ කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.

මීට අමතරව, නීතිමය බැඳීමක් සහිත එකඟතාවක් යටතේ ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 2ක අතිරේක ගෙවීමක් කිරීමට ද NAB බැංකුව එකඟ වී තිබෙනවා.

සිදුවූ වැරදි සම්බන්ධයෙන් NAB බැංකුව සිය සේවකයන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, ඉදිරියේදී මෙවැනි ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා වැටුප් ගෙවීමේ පද්ධති සහ අභ්‍යන්තර ක්‍රියාවලීන් වැඩිදියුණු කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු...

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට...

ඔස්ට්‍රේලියාවේ 2026 වසර සඳහා වැඩිම වැටුප් ලැබෙන සහ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳ නවතම දත්ත Randstad ආයතනය විසින් හෙළි කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වසර 14ක් සේවකයන් දහස් ගණනකට අඩුවෙන් පඩි ගෙවලා

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom