Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට ජාත්‍යන්තර දේශගුණික සංවිධාන සහ පරිසර ක්‍රියාකාරීන්ගෙන් විවේචන එල්ල වී තිබෙනවා.

තුර්කියේ Antalya නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුව අමතමින් අගමැතිවරයා සඳහන් කළේ, පිරිසිදු බලශක්ති නිෂ්පාදනය සහ කාබන් විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

විශේෂයෙන් සූර්ය බලශක්තිය, නිවාසවල බැටරි පද්ධති සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණයන් ප්‍රචලිත කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති පියවර අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Advertisement

මේ අතර ඔස්ට්‍රේලියාවේ Climate Change and Energy Minister Chris Bowen සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, ලෝකය මේ වනවිට දේශගුණික විපර්යාස, යුද ගැටුම්, ඉන්ධන සැපයුම් අර්බුද සහ ජීවන වියදම් ඉහළ යෑම ඇතුළු අර්බුද කිහිපයකට එකවර මුහුණ දෙමින් සිටින බවයි.

එවැනි තත්ත්වයක් තුළ දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළා.

Banner 01

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සමුළුව අමතමින් ගල්අඟුරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු වැනි Fossil Fuels භාවිතයෙන් ලෝකය ක්‍රමානුකූලව ඉවත් විය යුතු බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවට ආසන්නව පාලනය කිරීම සඳහා නව ගල්අඟුරු, තෙල් සහ ගෑස් යටිතල පහසුකම් පුළුල් කිරීම නතර කළ යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

එහෙත් අගමැති Albanese සිය ප්‍රධාන දේශනයේදී Fossil Fuels භාවිතයෙන් ඉවත් වීම පිළිබඳ පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් නොකිරීම පරිසර සංවිධානවල විවේචනයට ලක්ව තිබෙනවා.

Australian Conservation Foundation ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු Greens නායක Adam Bandt පවසන්නේ, ඔස්ට්‍රේලියාව සැබෑ දේශගුණික නායකත්වයක් පෙන්වීමට නම් නව ගල්අඟුරු සහ ගෑස් ව්‍යාපෘති අනුමත කිරීම නතර කිරීමටද පියවර ගත යුතු බවයි.

ඔස්ට්‍රේලියාව පිරිසිදු බලශක්තිය සඳහා ආයෝජනය වැඩි කරන අතරතුර නව Fossil Fuel ව්‍යාපෘති අනුමත කිරීම අතර පවතින පරස්පරතාව මෙවර COP31 සමුළුවේ ප්‍රධාන විවාදයක් බවට පත්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා....

පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගමක් වන Bathla Group බිඳවැටීමත් සමඟ Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ අඩක් නිමකළ නිවාස ව්‍යාපෘති රැසක් වසර...

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහ ආර්ථිකයට එල්ල...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දේශගුණික විපර්යාස ගැන Albaneseට ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom