

$ 10කට මෙල්බන් ඉදන් සිඩ්නි යන්න විශේෂ දීමනාවක්
Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සිය

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිය සේවා ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම විශේෂ දීමනාව හඳුන්වා දී ඇති අතර, Melbourne සහ Sydney අතර පමණක් නොව නැගෙනහිර වෙරළ තීරයේ අනෙකුත් සෘජු බස් ගමන් සඳහා ද එය අදාළ වනවා.
සාමාන්‍යයෙන් Melbourne සිට Sydney දක්වා FlixBus ගමන් ගාස්තුව ඩොලර් 62.99කින් පමණ ආරම්භ වන අතර, මෙම දීමනාව යටතේ සීමිත ආසන සංඛ්‍යාවක් ඩොලර් 10 සිට ලබාගත හැකියි.

Melbourne නගරයේ Southern Cross Station සිට Sydney දක්වා ගමන සඳහා පැය 11ක පමණ කාලයක් ගතවන අතර, Albury සහ Canberra හරහා මෙම බස් සේවාව ක්‍රියාත්මක වනවා.
බස් රථ තුළ නොමිලේ Wi-Fi, power outlets, සුවපහසු ආසන සහ වැසිකිළි පහසුකම් ද සපයා තිබෙනවා.
මෙම විශේෂ දීමනාව නොවැම්බර් 10 සිට 23 දක්වා වෙන්කරවා ගත හැකි අතර, 2027 අප්‍රේල් 30 දක්වා තෝරාගත් දිනවල ගමන් සඳහා අදාළ වනවා.
ඇතැම් නිවාඩු දිනවලට දීමනාව අදාළ නොවන අතර ආසන සීමිතයි.
මේ සඳහා discount code එකක් අවශ්‍ය නොවන අතර FlixBus වෙබ් අඩවිය හෝ App එක හරහා ටිකට්පත් වෙන්කරවා ගත හැකියි.
ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...
ඇමරිකාවේ Midterm මැතිවරණයෙන් ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂයට දැඩි පසුබෑමක් සිදුවුවද, ඔස්ට්‍රේලියාව ඇමරිකාව සමඟ පවත්වාගෙන යන සබඳතා වෙනස් නොකරන බව...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන ගිනි තැබීම් ඉහළ යාමත් සමඟ ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පොලිසිය...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...
Victoria ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව තිබෙනවා....
ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත්...

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සිය

ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම වෙනස ප්‍රධාන

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ගුවන් ගමනට

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane City Council විසින් ඉදිරිපත් කර

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.