Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

Victorian Electoral Commission (VEC) ආයතනය පවසන්නේ, නොවැම්බර් 18 සිට 27 දක්වා ප්‍රාන්තය පුරා මධ්‍යස්ථාන 200කට වැඩි සංඛ්‍යාවකදී කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවයි.

මෙවර මැතිවරණයේදී, මැතිවරණ දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති ඕනෑම සුදුසුකම් ලත් ඡන්ද දායකයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර, නොවැම්බර් 22 වැනි ඉරිදා හැර අනෙකුත් දිනවල ඡන්ද මධ්‍යස්ථාන උදෑසන 9 සිට සවස 6 දක්වා විවෘතව පවතිනවා.

Advertisement

මේ අතර, මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණීමට නොහැකි පුද්ගලයන්ට තැපැල් ඡන්දය සඳහා නොවැම්බර් 25 වැනිදා සවස 6ට පෙර අයදුම් කළ හැකි බව ද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවල හෝ විදේශයන්හි සිටින සුදුසුකම් සහිත වික්ටෝරියානු ඡන්ද දායකයන්ට ද, ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති නමුත්, Online ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකමක් නොමැති බවයි VEC ආයතනය පවසන්නේ.

Banner 01

එමෙන්ම Victoria ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර, සාධාරණ හේතුවක් නොමැතිව ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 105ක දඩයක් පැනවිය හැකි බව ද දැනුම්දී තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථාන, ඒවායේ විවෘත වේලාවන් සහ තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ වැඩිදුර තොරතුරු VEC නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියි.

ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථාන පිළිබද තොරතුරු දැනගැනීමට;
https://vec.vic.gov.au/voting/2026-state-election/voting-locations

තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට ;
https://vec.vic.gov.au/postal-voting

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: නොවැම්බර් 25, සවස 6.00

වැඩිදුර තොරතුරු සඳහා:
Victorian Electoral Commission (VEC) – 131 832

Join on WhatsApp channel

උණුසුම් පුවත්

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයක් ජනප්‍රියත්වයට පත්ව ඇති Sara Lee සන්නාමයේ Ice Cream නිෂ්පාදන පෙළ, Coles සහ Woolworths සුපිරි වෙළෙඳසැල්වල...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (Permanent Residency – PR) සඳහා ඉල්ලුම් කර වෛද්‍ය හේතූන් මත වීසා ප්‍රතික්ෂේප වූ පුද්ගලයන්ට, බරපතළ රෝගී තත්ත්වයක්...

තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම්...

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණයේ ඡන්දය නොදුන්නොත් දඩයක් – කලින් ඡන්දය දෙන්නේ මෙහෙමයි

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom