Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මෝටර් රථ හිමියන් ගෙවන ඉන්ධන බද්ද, ධනවතුන්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා සඳහා අය කරන ඉන්ධන බද්දට වඩා 15 ගුණයකින් පමණ ඉහළ බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය රියදුරෙකු පෙට්‍රල් ලීටරයකට ශත 53.7ක Fuel Excise බද්දක් ගෙවන අතර, පුද්ගලික ජෙට් යානා සඳහා භාවිත කරන විශේෂ ගුවන් යානා ඉන්ධන ලීටරයකට අය කෙරෙන්නේ ශත 3.556ක බද්දක් පමණයි.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික ජෙට් යානා 200කට අධික සංඛ්‍යාවක් පවතින අතර, ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යමින් පවතින අවස්ථාවක මෙවැනි බදු සහනයක් ධනවත් පුද්ගලයන්ට ලබාදීම අසාධාරණ බවට Greens පක්ෂ නායක David Shoebridge චෝදනා කරනවා.

Advertisement

Parliamentary Budget Office විසින් සකස් කළ ඇස්තමේන්තු අනුව, පුද්ගලික ජෙට් යානාවල ඉන්ධන බද්ද සාමාන්‍ය මෝටර් රථ ඉන්ධන බද්දට සමාන කළහොත් 2026–27 අයවැය ඇස්තමේන්තු කාලය තුළ රජයේ මූල්‍ය තත්ත්වය ඩොලර් බිලියන 1.2කින් පමණ වැඩිදියුණු කළ හැකි බව සඳහන්.

එම වෙනස මගින් 2026–27 මූල්‍ය වර්ෂයේදී පමණක් ඩොලර් මිලියන 640ක අමතර රාජ්‍ය ආදායමක් ලබාගත හැකි බව ද ඇස්තමේන්තු කර තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම අඩු ඉන්ධන බදු අනුපාතය පුද්ගලික ජෙට් යානාවලට පමණක් සීමා නොවන අතර, වාණිජ ගුවන් සේවා, ප්‍රාදේශීය ගුවන් සේවා සහ Royal Flying Doctor Service වැනි අත්‍යවශ්‍ය සේවාවලට ද අදාළ වනවා.

එවැනි සේවාවලට බදු සහන ලබාදීමේ අවශ්‍යතාව පිළිගත හැකි වුවත්, ඉතා ධනවත් පුද්ගලයන්ගේ පුද්ගලික ගුවන් ගමන් සඳහා ද එම සහනයම ලබාදීම සාධාරණ නොවන බවයි Greens පක්ෂය පෙන්වා දෙන්නේ.

මේ අතර, ජීවන වියදම් අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවන්ට වඩා ධනවතුන්ට වාසිදායක ලෙස පවතින මෙම බදු ක්‍රමය කඩිනමින් වෙනස් කරන ලෙස Greens පක්ෂය Albanese රජයෙන් ඉල්ලා සිටිනවා.
‍

Join on WhatsApp channel

උණුසුම් පුවත්

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...

Melbourne නගරයේ නිවාස මිලදී ගැනීමේ ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, ඉහළ ගැනුම්කරුවන්ගේ ඉල්ලුමක් පවතින ප්‍රදේශ සංඛ්‍යාව හතරක්...

Melbourne CBD ප්‍රදේශයේ ක්‍රියාත්මක Fast Food, Restaurants සහ Cafés ඇතුළු ව්‍යාපාරික ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිලධාරීන්ගේ...

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්‍රියාත්මක වන බව Australian Taxation...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව,...

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව...

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාවට බදු වැඩිවෙද්දී ධනවතුන්ගේ ජෙට් යානාවලට සහන

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

Read More »

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom