ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්‍රියාත්මක වන බව Australian Taxation Office (ATO) තහවුරු කරනවා.
2026 ජූලි 1 වැනිදා සිට අදාළ වන මෙම සහනය යටතේ, වාර්ෂික සමස්ත පිරිවැටුම (Annual Total Turnover) ඩොලර් මිලියන 10ට අඩු සුදුසුකම් ලබන ව්‍යාපාරවලට ඩොලර් 20,000ට අඩු වටිනාකමකින් යුත් ව්‍යාපාරික උපකරණ සහ වත්කම් සඳහා ක්ෂණික බදු අඩු කිරීමක් ලබාගත හැකියි.
පරිගණක, යන්ත්‍රෝපකරණ, වැඩ උපකරණ ඇතුළු නව සහ භාවිත කළ ව්‍යාපාරික වත්කම් රැසක් මෙම සහනයට ඇතුළත් වන අතර, වසරක් තුළ සුදුසුකම් ලබන වත්කම් කිහිපයක් සඳහා වෙන වෙනම මෙම සහනය ලබාගත හැකියි.
කෙසේ වෙතත්, මෙය රජයෙන් ඩොලර් 20,000ක් මුදලින් ලබාදීමක් නොව, ව්‍යාපාරයේ බදු ගණනය කිරීමේදී සුදුසුකම් ලබන වියදම් අඩුකර ගැනීමට ලබාදෙන අවස්ථාවක් බවයි Australian Taxation Office පැහැදිලි කරන්නේ.
මෙම සහනය ලබාගැනීමට ව්‍යාපාරය Simplified Depreciation Rules භාවිත කළ යුතු වන අතර, මිලදී ගත් වත්කම අදාළ බදු වර්ෂය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතයට ගෙන හෝ භාවිතයට සූදානම් කර තිබිය යුතුයි.
වැඩිදුර තොරතුරු සහ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා Australian Taxation Office නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි.