ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි කිරීමට හැකි බව දේශගුණික හා බලශක්ති අමාත්‍ය Chris Bowen පවසනවා.
රටේ ඉහළ උද්ධමනය පාලනය කිරීම සහ රජයේ වියදම් අඩු කිරීමේ අරමුණින් මෙම සහන යළි සමාලෝචනය කිරීමට නියමිත අතර, දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන වසර මැද අයවැය යාවත්කාලීනයේදී (Mid-Year Economic and Fiscal Outlook – MYEFO) ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්විය හැකි බවයි පැවසෙන්නේ.
දැනට ඩොලර් 91,000ට අඩු, සුදුසුකම් ලබන Electric Vehicles සඳහා Novated Lease ක්‍රමය යටතේ ලබාදෙන බදු සහනය හේතුවෙන් මෙම මූල්‍ය වර්ෂයේ රජයට ඩොලර් බිලියන 1.35ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
එමෙන්ම, නිවෙස්වල Home Batteries සවිකිරීම සඳහා ක්‍රියාත්මක Cheaper Home Batteries වැඩසටහනේ ඉදිරි වසර හතරක වියදම ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මුල් ඇස්තමේන්තුව මෙන් තුන් ගුණයක් පමණ වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, Electric Vehicles සඳහා ලබාදෙන බදු සහනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට තවමත් සුදුසු කාලය එළඹ නොමැති බව අමාත්‍ය Chris Bowen පවසන අතර, සහන ක්‍රමයෙන් අඩු කිරීම වඩාත් සුදුසු බව අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත්, මේ පිලිබද ව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති අතර, යෝජිත වෙනස්කම් ක්‍රියාත්මක වුවහොත් Electric Vehicles මිලදී ගැනීමට සහ Home Batteries සවිකිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානු පවුල්වලට එය බලපෑමක් විය හැකියි.