Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne නගරයේ නිවාස මිලදී ගැනීමේ ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, ඉහළ ගැනුම්කරුවන්ගේ ඉල්ලුමක් පවතින ප්‍රදේශ සංඛ්‍යාව හතරක් දක්වා අඩුවී ඇති බව නවතම දේපළ වෙළෙඳපොළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Hotspotting ආයතනයේ 2026 Spring National Thermometer Index වාර්තාවට අනුව, වසරකට පෙර Melbourneහි ප්‍රදේශවලින් සියයට 54ක ශක්තිමත් නිවාස ඉල්ලුමක් පැවතියද, මේ වනවිට එය සියයට 20ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව Albert Park, Gladstone Park සහ Clarinda යන ප්‍රදේශවල නිවාස සඳහාත්, Thornbury ප්‍රදේශයේ Apartments සහ Units සඳහාත් පමණක් ඉහළ ඉල්ලුමක් පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

Advertisement

මෙම ප්‍රදේශවල මධ්‍යස්ථ දේපළ මිල Gladstone Parkහි ඩොලර් 811,250ක්, Thornburyහි Units සඳහා ඩොලර් 612,750ක්, Clarindaහි ඩොලර් 1,048,500ක් සහ Albert Parkහි ඩොලර් 2,405,000ක් ලෙසයි මිල ගණන් වාර්තා වෙන්නේ.

2025 සැප්තැම්බර් මාසයේදී ඉහළ ඉල්ලුමක් පැවති ප්‍රදේශ 39ක් හඳුනාගෙන තිබුණද, පොලී අනුපාත පස්වරක් ඉහළ දැමීම සහ දේපළ වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව හේතුවෙන් ගැනුම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Banner 01

කෙසේ වෙතත්, ඉල්ලුම පහළ ගොස් ඇති ප්‍රදේශවල නිවාස සැපයුම වැඩිවීම සහ ගැනුම්කරුවන් අතර තරගකාරීත්වය අඩුවීම හේතුවෙන් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වඩාත් හිතකර අවස්ථා උදාවිය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්‍රියාත්මක වන බව Australian Taxation...

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන්...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourne වලින් නිවසක් මිලදී ගන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක්

ගුවන් මගීන් ලක්ෂ 15ක් අතරමං කළ තාක්ෂණික දෝෂය

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

Read More »

ඔස්ට්‍රේලියාවේ කරුණාවන්තකමින් පළමු තැන වික්ටෝරියාවට

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නොදන්නා ක්‍රමයකින් පළමු නිවස මිලදී ගත් තරුණයා

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

Read More »

2027දී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට සුබ ආරංචියක්

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

Read More »

Microsoft බිඳවැටීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ රහස් දත්ත අනතුරේ

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

Read More »

ඔස්ට්‍රේලියානු මුදල් ඇමතිගේ අනාගතය අවදානමක ?

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom