Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක උස්මාන් කවාජා (Usman Khawaja) එල්ල කළ චෝදනා වත්මන් ටෙස්ට් නායක පැට් කමින්ස් (Pat Cummins) දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Usman Khawaja විසින් රචිත නව ස්වයං චරිතාපදානය වන ‘Sabr’ කෘතියේ සඳහන් කර ඇත්තේ, 2018 වසරේ කේප්ටවුන් ටෙස්ට් තරගයේදී වැලි කඩදාසි භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලුදෙනාම දැන සිටි බවයි.

එමෙන්ම, මෙය ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පමණක් සම්බන්ධ වූ සිද්ධියක් නොව, කණ්ඩායම තුළ කලින් සැලසුම් කළ ක්‍රියාවලියක් බවට ද ඔහු සිය කෘතිය හරහා චෝදනා කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, අද සිඩ්නි Cricket Centralහි පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම චෝදනා සියයට සියයක් වැරදි බව පැට් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

තමන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පන්දුව නීතිවිරෝධී ලෙස පළුදු කිරීමේ සැලැස්මක් නිර්මාණය කළ බවට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු අවධාරණය කළා.

Banner 01

විනාඩි 68ක් පමණ පැවැති මෙම මාධ්‍ය හමුවේදී කමින්ස් සඳහන් කළේ, කවාජාගේ කෘතියේ අන්තර්ගතය දැකීමෙන් තමන් දැඩි ලෙස පුදුමයට පත්වූ බවයි.

Cameron Bancroft විසින් Sandpaper භාවිත කරන අවස්ථාවේදී ප්‍රවේශම් වන ලෙස තමන් ඔහුට උපදෙස් දුන් බවට කවාජා කර ඇති හෙළිදරව්ව පුදුමයට කරුණක් බව කමින්ස් පවසා තිබෙනවා.

කවාජා තවදුරටත් චෝදනා කර ඇත්තේ කේප්ටවුන් තරගයට පෙර Port Elizabethහි පැවැති ටෙස්ට් තරගයේදී ද Sandpaper භාවිත කර පන්දුව පළුදු කර ඇති බවයි.

එහෙත් එවැනි සිද්ධියක් පිළිබඳව තමන් මීට පෙර කිසිවක් දැන නොසිටි බව කමින්ස් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, කවාජාට තම අත්දැකීම් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තමන් පිළිගන්නා නමුත්, එල්ල කරන චෝදනාවල වගකීම ද ඔහු භාරගත යුතු බව කමින්ස් අවධාරණය කර තිබෙනවා.

2018 වසරේ සිදුවූ මෙම Sandpapergate සිද්ධිය හේතුවෙන් එවකට ඔස්ට්‍රේලියානු නායක Steve Smith, උපනායක David Warner සහ Cameron Bancroft යන ක්‍රීඩකයන්ට තරග තහනම් පැනවුණා.

මේ අතර David Warner විසින් කවාජාගේ අනාවරණයන්ට සහාය පළ කර ඇති අතර, Mitchell Starc ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම...

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු...

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...

ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...

ඔස්ට්‍රේලියාවේ වසර 188ක ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගමක් වන David Jones, සිය වෙළෙඳසැල් ජාලයෙන් අඩක් වසා දැමීමට සූදානම් වන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටිය යළි උණුසුම් – Khawajaගේ චෝදනාවලට Pat Cumminsගෙන් සැර ප්‍රතිචාරයක්

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom