Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපන ක්‍රමය විභාග ලකුණු සහ ප්‍රතිඵලවලට වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සමාජීය කුසලතා නොසලකා හැරෙන බවට විවිධ පාර්ශ්ව වලින් විවේචන එල්ල වී තිබෙනවා.

ප්‍රාන්තයේ වාර්ෂික අධ්‍යාපන වියදම 2014 වසරේ ඩොලර් බිලියන 9.8 සිට 2025–26 වනවිට බිලියන 17.9ක් දක්වා ඉහළ ගොස් තිබුණද, සිසුන්ගේ අධ්‍යාපනික සහ සමාජීය ගැටලු තවදුරටත් පවතින බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් NAPLAN සහ ATAR ප්‍රතිඵල කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා දරුවන්ගේ චරිත සංවර්ධනය, සමාජ සම්බන්ධතා සහ පාසල් ජීවිතයට ඇති උනන්දුව වැනි වැදගත් අංශවලට ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන බවට මත පළවී තිබෙනවා.

Advertisement

මේ අතර, ගුරුවරුන් සතියකට සාමාන්‍යයෙන් පැය 12ක් පමණ වැටුප් නොලබන අමතර රාජකාරි සිදුකරන බව ද සඳහන් වන අතර, සිසුන්ගේ අවශ්‍යතා අනුව ඉගැන්වීම් ක්‍රම තීරණය කිරීමට ගුරුවරුන්ට වැඩි නිදහසක් ලබාදීමේ අවශ්‍යතාව ද මතුව තිබෙනවා.

සිංගප්පූරුවේ සහ ජපානයේ අධ්‍යාපන ක්‍රම උදාහරණයට ගනිමින්, විභාග ප්‍රතිඵලවලට අමතරව දරුවන්ගේ වගකීම් සහගත හැසිරීම, පෞරුෂය සහ සමාජ කුසලතා දියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

Banner 01

එමෙන්ම දක්ෂ සිසුන් සඳහා වෙන්වූ පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට වඩා, ප්‍රදේශීය රජයේ පාසල්වල පහසුකම් සහ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැදගත්කම ද අවධාරණය කෙරෙනවා.

කෙසේවෙතත්, Victoria අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ 2026 NAPLAN ප්‍රතිඵල අනුව ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ ඉහළම අධ්‍යාපන කාර්යසාධනයක් වාර්තා කර ඇති අතර, පාසල් අධ්‍යාපනය තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම්...

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු...

යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට...

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ පාසල් දරුවන්ගේ අනාගතය ගැන අලුත් ප්‍රශ්නයක්

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom