Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව Global Sri Lankan Heritage Citizenship නමින් නව වැඩසටහනක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන ප්‍රධාන අයදුම්කරුගේ Spouse, Second Generation Children සහ Third Generation Children සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී අය කරන ගාස්තු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නියමිතයි.

Advertisement

මෙම වැඩපිළිවෙළ යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අදාළ ගාස්තුව ගෙවිය යුතු වන්නේ ප්‍රධාන අයදුම්කරු පමණක් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

“අපි ගාස්තුව අය කරන්නේ ප්‍රධාන අයදුම්කරුගෙන් පමණයි. Spouse, Second Generation සහ Third Generation සඳහා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සඳහන් කර තිබෙනවා.

Banner 01

මීට පෙර ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී පවුලේ මෙම සාමාජිකයන් වෙනුවෙන් ද වෙන වෙනම ගාස්තු ගෙවීමට සිදුවූ අතර, නව යෝජනාව මගින් එම අමතර මූල්‍ය බර ඉවත් කිරීමට රජය අපේක්ෂා කරනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුල්වලට මෙම යෝජනාව වැදගත් විය හැකි අතර, විදේශයන්හි උපත ලැබූ දෙවන සහ තුන්වන පරම්පරාවේ දරුවන්ට ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දරුවන් සතු දැනුම, වෘත්තීය කුසලතා, අත්දැකීම් සහ හැකියාවන් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා සම්බන්ධ කරගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දරුවන් තම මව්බිම සමඟ පවත්වාගෙන යන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන තවමත් අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, එය ක්‍රියාත්මක වන නිශ්චිත දිනය, අයදුම්කරුවන් සපුරාලිය යුතු සුදුසුකම් සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...

ඔස්ට්‍රේලියාවේ Victoria පොලිසියේ සේවය කළ නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්, පොලිසිය තුළ පැවති බව කියන ලිංගික හිරිහැර, සේවා ස්ථානයේ පීඩනය...

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව,...

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වලට Dual Citizenship නොමිලේ ලබාදීමට නව යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »

Sri Lankan Airlines කොළඹ – මෙල්බන් ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom