

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.
තුර්කියේ Antalya නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP31 දේශගුණික සමුළුවට සහභාගී වෙමින් 23 හැවිරිදි Greta Thunberg ප්‍රකාශ කර ඇත්තේ දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියාව මීට වඩා වේගයෙන් ක්‍රියා කළ යුතු බවයි.
ඔස්ට්‍රේලියාවේ දේශගුණික ක්‍රියාමාර්ග ඉතා මන්දගාමී බවට එල්ල වන විවේචන සමඟ එකඟ වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඇය පැවසුවේ “Even a snail would agree with that” යනුවෙනුයි. එනම්, ඔස්ට්‍රේලියාව මීට වඩා වේගයෙන් කටයුතු කළ යුතු බවට ගොළුබෙල්ලෙකු පවා එකඟ වනු ඇති බවටයි ඇය චෝදනා කර තිබෙන්නේ.

දේශගුණික විපර්යාස තවදුරටත් අනාගතයේ ඇතිවිය හැකි තර්ජනයක් පමණක් නොව, මේ වන විටත් මිනිස් ජීවිතවලට බලපාන බරපතළ අර්බුදයක් වී ඇති බවයි ඇය අවධාරණය කර තිබෙන්නේ.
ලෝක නායකයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි වසරවලදී ස්වභාවික විපත් සහ පාරිසරික හානි තවදුරටත් උග්‍ර විය හැකි බවට ද Thunberg අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, එම සමුළුව ඇමතූ ඔස්ට්‍රේලියානු ආදිවාසී නියෝජිත Rikki Dank රජයෙන් ඉල්ලා සිටියේ නව ගල්අඟුරු, තෙල් සහ ගෑස් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම නතර කරන ලෙසයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජය මෙම විවේචන හමුවේ, සිය දේශගුණික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පවසන්නේ, රටේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.
අගමැති Anthony Albanese සිය රජයේ ක්‍රියාමාර්ග ආරක්ෂා කර ඇති අතර, දේශගුණික හා බලශක්ති අමාත්‍ය Chris Bowen පුනර්ජනනීය බලශක්තිය, විදුලිකරණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම සමුළුවේදී අවධාරණය කර තිබෙනවා.
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...
විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...
ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් අයකරන අධික ගාස්තු පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ස්වාධීන...
ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව...
Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....
යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්