Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස මිලදී ගැනීමට 30 හැවිරිදි තරුණයෙකු සමත්ව තිබෙනවා.

New South Wales ප්‍රාන්තයේ Orange ප්‍රදේශයේ පදිංචි Damien Little වසර 8ක් පුරා සිය ආදායමෙන් කොටසක් Superannuation ගිණුමකට ස්වේච්ඡාවෙන් තැන්පත් කරමින් මෙම ඉලක්කය සපුරාගෙන තිබෙනවා.

ඔහු උසස් පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු coffee shops සහ restaurantsවල රැකියා කරමින් සිය ආදායමෙන් ඇතැම් අවස්ථාවල 25%ක් දක්වා ඉතිරි කර ඇති අතර, සතියකට ඩොලර් 50ත් 100ත් අතර මුදල් ද තැන්පත් කර තිබෙනවා.

Advertisement

2017 වසරේදී FHSS යෝජනා ක්‍රමය පිළිබඳ දැනගත් ඔහු, එම ක්‍රමය භාවිතයෙන් වසර ගණනාවක් මුදල් ඉතිරි කර 2025 නොවැම්බර් මාසයේදී සිය පළමු නිවස මිලදීගෙන තිබෙනවා.

FHSS ක්‍රමය යටතේ එක් මූල්‍ය වර්ෂයකදී ඩොලර් 15,000ක් දක්වාත්, සමස්තයක් ලෙස ඩොලර් 50,000ක් දක්වාත් සුදුසුකම් ලබන ස්වේච්ඡා Superannuation දායකත්වයන් පළමු නිවස සඳහා යොදාගැනීමට අවස්ථාව පවතිනවා.

Banner 01

ඊට අමතරව Australian Taxation Office විසින් ගණනය කරන අදාළ ආදායම් ප්‍රමාණයක් ද ලබාගත හැකි අතර, මෙම ක්‍රමය හරහා සාමාන්‍ය ඉතිරිකිරීම්වලට වඩා බදු වාසි ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

Damien Little සිය Superannuation ගිණුමේ ඉතිරිකිරීම් වර්ධනය කරගනිමින් ඩොලර් 65,000කට ආසන්න ශේෂයක් ගොඩනඟාගෙන තිබූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, Superannuation ගිණුමේ සම්පූර්ණ ශේෂයම FHSS යටතේ ලබාගත නොහැකි අතර, ඒ සඳහා වෙනම සුදුසුකම් සහ සීමාවන් ක්‍රියාත්මක වනවා.

මේ අතර ATO මඟින් මුදල් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ නිවස මිලදී ගැනීමේ අවසන් ගෙවීම පවා ප්‍රමාද කිරීමට සිදුවී තිබෙනවා.

FHSS ක්‍රමය භාවිත කරන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් මුදල් නිදහස් කිරීම ඉල්ලා සිටි දිනයේ සිට මාස 12ක් ඇතුළත සුදුසුකම් ලබන නිවසක් මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ ගිවිසුමකට එළඹිය යුතු අතර, ATO මඟින් තවත් මාස 12ක කාලයක් ලබාදිය හැකියි.

එමෙන්ම මිලදී ගන්නා නිවසේ පදිංචි වීමට අදාළ කොන්දේසි ද සපුරාලිය යුතු වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග වන...

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa හෙවත් Backpacker වීසා සඳහා හඳුන්වා දීමට සැලසුම් කළ දැඩි සීමාවන් කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය සලකා...

ඔස්ට්‍රේලියාවේ වසර දහයක විශ්වාසය දිනාගත් ශ්‍රී ලාංකික සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Onaro Foods හි නවතම ශාඛාව හෙට, නොවැම්බර් 14 වැනි...

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නොදන්නා ක්‍රමයකින් පළමු නිවස මිලදී ගත් තරුණයා

ගුවන් මගීන් ලක්ෂ 15ක් අතරමං කළ තාක්ෂණික දෝෂය

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

Read More »

ඔස්ට්‍රේලියාවේ කරුණාවන්තකමින් පළමු තැන වික්ටෝරියාවට

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නොදන්නා ක්‍රමයකින් පළමු නිවස මිලදී ගත් තරුණයා

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

Read More »

2027දී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට සුබ ආරංචියක්

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

Read More »

Microsoft බිඳවැටීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ රහස් දත්ත අනතුරේ

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

Read More »

ඔස්ට්‍රේලියානු මුදල් ඇමතිගේ අනාගතය අවදානමක ?

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom