Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ ආර්ථික විශ්වාසය දිගුකාලීන ව සාමාන්‍ය මට්ටමට වඩා පහළින් පවතින බව නවතම Caveat Indices සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

අද (නොවැම්බර් 14) යාවත්කාලීන කර ඇති එම වාර්තාවට අනුව, 2026 ඔක්තෝබර් මාසයේ Consumer Confidence දර්ශකය, ඒකක 98ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එහි සාමාන්‍ය අගය ඒකක 100ක් වන බැවින්, පාරිභෝගිකයන්ගේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වී ඇති බවයි පෙනී යන්නේ.

එනම්, මෙම දර්ශකය පෙර මාසයට සාපේක්ෂව ඒකක 0.3කින් පහළ ගොස් තිබෙනවා.

Advertisement

මේ අතර ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය සියයට 4.3ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 4.72ක් ලෙසත්, වාර්ෂික නිවාස කුලී ඉහළ යාම සියයට 3.6ක් ලෙසත් වාර්තා වෙනවා.

නිවාස ණය ගෙවීම් සඳහා පවුල් ආදායමෙන් වැයවන ප්‍රමාණය සියයට 9.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසර දහයේ සාමාන්‍ය අගය වන සියයට 8.28ට වඩා වැඩි අගයක් ලෙසයි සටහන් වී ඇත්තේ.

Banner 01

ජීවන වියදම්, නිවාස ණය සහ කුලී ගාස්තු ඇතුළු ආර්ථික පීඩන දර්ශක පහම සාමාන්‍ය මට්ටමට වඩා අහිතකර තත්ත්වයක පැවතීම පාරිභෝගික විශ්වාසය දුර්වල වීමට බලපා ඇති පසුබිමක් වී ඇති බවයි Caveat Indices විශ්ලේෂණය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා Mounjaro වැනි ඖෂධ භාවිත කරන පුද්ගලයන්ට, බර අඩුවීමත් සමඟ මාංශ පේශි ප්‍රමාණය ද අහිමි විය...

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් 28 සහ 29 දින නිකුත් වූ නවතම ආර්ථික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු පවුල්වලට දැනෙන ආර්ථික පීඩනයේ අලුත්ම තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ කරුණාවන්තකමින් පළමු තැන වික්ටෝරියාවට

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නොදන්නා ක්‍රමයකින් පළමු නිවස මිලදී ගත් තරුණයා

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

Read More »

2027දී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට සුබ ආරංචියක්

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

Read More »

Microsoft බිඳවැටීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ රහස් දත්ත අනතුරේ

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

Read More »

ඔස්ට්‍රේලියානු මුදල් ඇමතිගේ අනාගතය අවදානමක ?

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ

Read More »

Sandpaper සිද්ධියේ ඇත්ත වසන් කළාද? – David Warnerගෙන් ප්‍රශ්න වැලක්

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක David Warner අලුත්ම බරපතළ චෝදනාවක් එල්ල කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom