Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor රජයට දේශපාලන අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා.

Australian Financial Review, RedBridge Group සහ Accent Research විසින් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව Coalition සන්ධානයේ ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය සියයට 21 සිට 25 දක්වා ඉහළ ගොස් ඇති අතර, Labor පක්ෂයේ සහාය සියයට 28 සිට 26 දක්වා පහත වැටී තිබෙනවා.

මෙය Coalition සන්ධානය වසරකට ආසන්න කාලයක් තුළ වාර්තා කළ ඉහළම ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය ලෙස සැලකෙන අතර, One Nation පක්ෂය සියයට 28ක සහායක් ලබා ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරියෙන් සිටීම ද විශේෂත්වයක්.

Advertisement

Monash University දේශපාලන විද්‍යාඥ මහාචාර්ය Zareh Ghazarian පවසන්නේ, 2025 මැතිවරණයේ පරාජයෙන් Liberal පක්ෂය වැදගත් පාඩම් ඉගෙනගෙන ඇති බවයි.

ජීවන වියදම ඉහළ යාම, නිවාස මිල දරාගැනීමේ අපහසුතා, ආර්ථික අස්ථාවරත්වය සහ රාජ්‍ය සේවාවල ගැටලු වැනි සාමාන්‍ය ජනතාවට සෘජුව බලපාන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම පක්ෂයට වාසිදායක වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

Banner 01

කෙසේ වෙතත්, සංස්කෘතික සහ අනන්‍යතා සම්බන්ධ දේශපාලන මතභේදවලට වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඡන්දදායකයන් තවදුරටත් දුරස්විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

මේ අතර නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය, Liberal පක්ෂයට ඉහළ යන ජනතා සහාය සැබෑ මැතිවරණ ජයග්‍රහණයක් බවට පත්කරගත හැකිද යන්න පරීක්ෂා කෙරෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙනවා.

එහෙත් ජනමත සමීක්ෂණවල සහාය ඉහළ යාම පමණක් බලය ලබාගැනීම සහතික නොකරන අතර, ඉදිරි මැතිවරණවලදී ආර්ථිකය සහ ජීවන වියදම පිළිබඳ විශ්වාසනීය විසඳුම් ඉදිරිපත් කිරීම Liberal පක්ෂයට තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...

ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ ආර්ථික විශ්වාසය දිගුකාලීන ව සාමාන්‍ය මට්ටමට වඩා පහළින් පවතින බව නවතම Caveat Indices සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Bendigo රෝහලේ රෝගීන් 11 දෙනෙකුගේ මොළයේ මරණ තහවුරු කිරීමේ දී නියමිත වෛද්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපන ක්‍රමය විභාග ලකුණු සහ ප්‍රතිඵලවලට වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සමාජීය...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ජනමතය වෙනස් වෙයි – අලුත්ම ජනමත විමසුමේ ප්‍රතිඵල මෙන්න

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Subclass 600, 601 සහ 651 වීසා සඳහා නව කොන්දේසියක්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom