

Coles එකට සයිබර් ප්‍රහාරයක් – පාරිභෝගිකයන්ට විශේෂ ඊමේල් පණිවිඩයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගමට අදාළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අද (16) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළට නිකුත් කළ නිවේදනයකින් සමාගම මේ බව තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී පාරිභෝගිකයන්ගේ, සේවකයන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවට හෝ අනවසරයෙන් ලබාගෙන ඇති බවට සාක්ෂි හමුවී නොමැති බවයි Coles සමාගම නිවේදනය කරන්නේ.

Australian Cyber Security Centre සහ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සමඟ එක්ව සිද්ධිය පාලනය කිරීමට සහ පරිගණක පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සිදුවීම හේතුවෙන් Coles වෙළෙඳසැල්වල සාමාන්‍ය මෙහෙයුම් හෝ Online Shopping සේවා සඳහා බාධාවක් සිදුවී නොමැති අතර, පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි භාණ්ඩ මිලදී ගත හැකි බව සමාගම දැනුම් දෙනවා.
මේ අතර, Coles නමින් ලැබෙන සැක සහිත SMS පණිවිඩ සහ Email සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙසත්, තම ගිණුම් සඳහා ශක්තිමත් Passwords භාවිත කරන ලෙසත් පාරිභෝගිකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...
ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...
ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...
ඔස්ට්‍රේලියාවේ වසර 188ක ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගමක් වන David Jones, සිය වෙළෙඳසැල් ජාලයෙන් අඩක් වසා දැමීමට සූදානම් වන...
ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත්...
AI තාක්ෂණය සඳහා සිදුකරන දැවැන්ත ආයෝජන හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රධාන අවදානම් දෙකක් මතුවිය හැකි බවට ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අනතුරු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගම සයිබර් ආරක්ෂණ සිදුවීමකට මුහුණ දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීමට විශේෂ ඊමේල් පණිවිඩයක් යොමු

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa