

Working Holiday Visa සීමා කිරීමේ සැලැස්ම කල් යයිද?
ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත් කර ඇති මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
විශේෂයෙන්ම ජීවන වියදම, නිවාස සහ කුලී ගැටලු, සෞඛ්‍ය සේවා, අපරාධ පාලනය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ බලශක්තිය මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙනවා.
The Guardian පුවත්පත පෙන්වා දෙන්නේ මෙම පක්ෂ හතරම ජනතාව මුහුණ දෙන විවිධ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කර ඇති නමුත්, සියලුම මැතිවරණ පොරොන්දු සඳහා වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කර නොමැති බවයි. එමෙන්ම ඇතැම් පක්ෂ විසින් ලබාදී ඇති වියදම් ඇස්තමේන්තු ස්වාධීනව තහවුරු කර නොමැති බවද වාර්තාවේ සඳහන් වෙනවා.

මෙවර ප්‍රධාන පක්ෂ හතරේ මැතිවරණ පොරොන්දු ක්ෂේත්‍ර අනුව මෙසේයි.
Labor පක්ෂය සතියකට පොදු ප්‍රවාහන ගාස්තු සහ ටෝල් ගාස්තු දෙකම එකතු කර ඩොලර් 30ක උපරිමයකට සීමා කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 397ක්.
එමෙන්ම 2034 වසර වනවිට ඉඩම් බද්ද අය කිරීමේ සීමාව ඩොලර් 300,000ක ඉඩම් වටිනාකමක් දක්වා ඉහළ නැංවීමටත්, මීට පෙර රජය ගත් තීරණයක් ආපසු හැරවීමටත් Labor පක්ෂය යෝජනා කරනවා.
Coalition පක්ෂය සතියකට ටෝල් ගාස්තු ඩොලර් 50කට සීමා කිරීමට පොරොන්දු වී ඇති අතර, ඒ සඳහා වසර දෙකකදී ඩොලර් මිලියන 180ක් වැය කිරීමට අපේක්ෂා කරනවා.
ඉදිරි වසර පහ ඇතුළත ඉඩම් බද්ද අය කිරීමේ සීමාව ඩොලර් 300,000 දක්වා ඉහළ නැංවීමටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. එමෙන්ම 2028-29 මූල්‍ය වර්ෂය වනවිට Payroll Tax අය කිරීමේ සීමාව ඩොලර් මිලියන 1.12ක් දක්වා ඉහළ නැංවීමටත්, 2030-31 වනවිට මෙට්‍රොපොලිටන් ප්‍රදේශවල Payroll Tax අනුපාතය 4.8% දක්වා අඩු කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
Greens පක්ෂය පොදු ප්‍රවාහන සේවා ස්ථිරවම නොමිලේ ලබාදීමට යෝජනා කරනවා. එමෙන්ම රජයට අයත් සුපිරි වෙළෙඳසැල් 10ක් ආරම්භ කිරීම සඳහා මුල් ආයෝජනයක් ලෙස වසර හතරක් තුළ ඩොලර් මිලියන 350ක් වැය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා. එම මුදල සූදු ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම්වලට සහ විශාල බැංකුවලට බදු පැනවීමෙන් ලබාගැනීමට හැකි බව Greens පක්ෂය පවසනවා.
One Nation පක්ෂයද ඉඩම් බදු සීමාව සම්බන්ධයෙන් Labor සහ Coalition පක්ෂවල යෝජනා හා සමාන පොරොන්දුවක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ක්‍රියාත්මක කරන නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කර නැහැ.
එමෙන්ම රක්ෂණ සේවා සඳහා අය කරන Stamp Duty බද්ද අහෝසි කිරීමටත්, සෑම දරුවෙකුටම වසරකට ඩොලර් 300ක ක්‍රීඩා වවුචරයක් ලබාදීමටත් One Nation පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා ක්ෂේත්රය සම්බන්ධයෙන් Labor පක්ෂය වසර හතරක් තුළ රජයේ රෝහල් පද්ධතියේ අමතර ශල්‍යකර්ම 100,000ක් සිදු කිරීම සඳහා ඩොලර් බිලියන 1.17ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. එමඟින් ශල්‍යකර්ම සඳහා බලා සිටින රෝගීන්ගේ ලැයිස්තුව අඩකින් අඩු කළ හැකි බව එම පක්ෂය පවසනවා.
මීට අමතරව විශේෂඥ වෛද්‍ය හමුවීම් 500,000ක් අමතරව ලබාදීම සඳහා ඩොලර් මිලියන 195ක් වෙන් කිරීමටත් Labor පක්ෂය සැලසුම් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට නොමිලේ දන්ත පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගත හැකි නව රජයේ දන්ත සායන 20ක් ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 460ක් වැය කිරීමටද පොරොන්දු වී තිබෙනවා.
එමෙන්ම හෙදියන් 750ක් ඇතුළුව නව සෞඛ්‍ය සේවකයන් 1,500ක් බඳවා ගැනීමටත්, රෝහල් 12ක හදිසි ප්‍රතිකාර අංශ පුළුල් කිරීමටත් ඩොලර් බිලියන 1.5ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
කාන්තාවන්ට ගබ්සා සේවා ලබාගැනීමේ පහසුකම් පුළුල් කිරීම, ඒ සඳහා රෝගීන්ට දැරීමට සිදුවන සියලුම අමතර වියදම් ආවරණය කිරීම සහ ඖෂධ මඟින් ගබ්සාව සිදු කළ හැකි කාලසීමාව දීර්ඝ කිරීමද Labor පක්ෂයේ තවත් පොරොන්දු අතරට ඇතුළත්.
Coalition පක්ෂය පෞද්ගලික රෝහල් සමඟ හවුල් වී රජයේ රෝගීන් වෙනුවෙන් අමතර ශල්‍යකර්ම 100,000ක් සිදු කිරීමට ඩොලර් බිලියන 1.27ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එම ශල්‍යකර්ම සඳහා රෝගීන්ට අමතර මුදලක් ගෙවීමට සිදු නොවන බව එම පක්ෂය පවසනවා.
නව රෝහලක් වන West Gippsland රෝහලද ඇතුළුව රෝහල් අටක් ඉදිකිරීමට හෝ වැඩිදියුණු කිරීමට ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් වැය කිරීමටත් Coalition පක්ෂය සැලසුම් කර තිබෙනවා.
Parkville ප්‍රදේශයේ නව මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 5ක් සහ ප්‍රාන්තය පුරා මානසික සෞඛ්‍ය සහාය සේවා වැඩිදියුණු කිරීමට තවත් ඩොලර් මිලියන 70ක් වෙන් කිරීමටත් යෝජනා කර තිබෙනවා.
ගබ්සා සේවා සම්බන්ධයෙන් Labor පක්ෂයේ පොරොන්දු බොහොමයකට Coalition පක්ෂයද එකඟ වී ඇති නමුත්, ඖෂධ මඟින් ගබ්සාව සිදු කළ හැකි කාලසීමාව සති 10ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවට ඔවුන් සහාය ලබාදී නැහැ.
Greens පක්ෂය වසර 10ක් තුළ පොදු දන්ත සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් බිලියන 3ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම Labor පක්ෂය ඉදිරිපත් කළ රජයට අයත් දන්ත සායන 20ක් පිහිටුවීමේ පොරොන්දුවටද Greens පක්ෂය සහාය පළ කර තිබෙනවා.
ඊට අමතරව සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර, මත්පැන් සහ සූදු ක්‍රීඩා ප්‍රචාරණය තහනම් කිරීමටත්, මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ සේවා සහ පුනරුත්ථාපන පහසුකම් පුළුල් කිරීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය ශල්‍යකර්ම සහ විශේෂඥ වෛද්‍ය හමුවීම් සඳහා බලා සිටින ලැයිස්තු තත්ත්වය සජීවීව දැකගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට පොරොන්දු වී තිබෙනවා.
ප්‍රාදේශීය ප්‍රදේශවල හදිසි ප්‍රතිකාර අංශ පැය 24 පුරාම, සතියේ දින හතේම විවෘතව තබන බවට සහතිකයක් ලබාදීමටත්, රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ඉන්ද්රිය පරිත්‍යාගශීලියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාවක් ලබාදීමටත් එම පක්ෂය යෝජනා කර තිබෙනවා.
Labor පක්ෂය ෆෙඩරල් රජය සමඟ එක්ව වික්ටෝරියා ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශ 20ක් ආශ්‍රිතව පළමු වරට නිවසක් මිලදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් නිවාස 25,600ක් ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම නිවාස වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 499ක් වැය වන බව Labor පක්ෂය පවසනවා. පළමු නිවාස 2027 වසරේදී ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
Coalition පක්ෂය ඩොලර් මිලියනයක් දක්වා වටිනා නිවාස මිලදී ගන්නා පළමු වරට නිවාස මිලදී ගන්නන් සඳහා Stamp Duty බදු නිදහස් කිරීමේ සීමාව ඉහළ නැංවීමට යෝජනා කරනවා. මීට පෙර වාර්තා වී තිබුණේ මෙම යෝජනාව සඳහා ඩොලර් බිලියනයකට වැඩි මුදලක් වැය විය හැකි බවයි.
Labor පක්ෂයේ Activity Centres ව්‍යාපෘතියද අවලංගු කිරීමට Coalition පක්ෂය සැලසුම් කර තිබෙනවා. දුම්රිය ස්ථාන සහ ට්රෑම් නැවතුම් 60ක් ආසන්නයේ වැඩි මහල් නිවාස ඉදිකිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ වෙනුවට මෙල්බර්න් නගර මධ්‍ය කලාපය පුළුල් කර වැඩි උසකින් යුත් ගොඩනැගිලි ඉදිකිරීමට අවස්ථාව ලබාදීමට Coalition පක්ෂය යෝජනා කරනවා. Collingwood, Fitzroy, Fishermans Bend, North Melbourne, Parkville සහ Southbank හි දැනට ඇතුළත් කර නොමැති ප්‍රදේශ කිහිපයක්ද එයට ඇතුළත් කිරීමට නියමිතයි.
රජයට අයත් ඩොලර් බිලියන 1.3ක් වටිනා ඉඩම් සංවර්ධකයන්ට විකිණීමෙන් නිවාස සැපයුම ඉහළ නැංවීමටත් Coalition පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
Greens පක්ෂය පොදු නිවාස වැඩි වශයෙන් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා ඩොලර් බිලියන 4ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
වීදිවලදී නිවාස වෙන්දේසි කිරීම තහනම් කිරීමටත්, කුලී වැඩි කිරීම් සඳහා සීමාවක් පැනවීමටත් Greens පක්ෂය සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම දැරිය හැකි මිලකට ලබාදෙන නිවාසයක් යනු කුලී නිවැසියාගේ ආදායමෙන් 30%ක් පමණක් කුලිය ලෙස වැය වන නිවාසයක් බවට නීතිමය අර්ථ දැක්වීමක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා.
නිවාස ඒකක 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අඩංගු නව පෞද්ගලික නිවාස ව්‍යාපෘතිවලින් අවම වශයෙන් 30%ක් දැරිය හැකි මිලකට ලබාදිය යුතු බවට නීති හඳුන්වාදීමටත්, ඩොලර් මිලියන 5කට වැඩි වටිනාකමකින් යුත් නේවාසික දේපළ හිමි ආයෝජකයන්ට ඉඩම් බදු වැඩි කිරීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය විදේශිකයන් විසින් නේවාසික දේපළ මිලදී ගැනීමේදී අය කරන Foreign Purchaser Duty බද්ද ඉහළ නැංවීමට පොරොන්දු වී තිබෙනවා.
අපරාධ පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක්ම පොලිස් බලතල සහ නීති දැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
Labor, Coalition සහ One Nation යන පක්ෂ තුනම Jack’s Law හඳුන්වාදීමට සහාය පළ කර තිබෙනවා. ඒ යටතේ පොලිසියට සහ Protective Services Officers (PSOs) නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් නවත්වා අතින් ගෙන යා හැකි ලෝහ හඳුනාගැනීමේ උපකරණ භාවිතයෙන් පරීක්ෂා කිරීමට බලය හිමිවනු ඇති.
එමෙන්ම යහපත් අරමුණකින් මැදිහත් වන පුද්ගලයෙකුට පහරදීම දඬුවම් නියම කිරීමේදී වඩාත් බරපතළ වරදක් ලෙස සැලකීමට Aidan’s Law හඳුන්වාදීමට Labor සහ Coalition පක්ෂ දෙකම සහාය දක්වනවා.
Labor පක්ෂය නව පොලිස් නිලධාරීන් 1,500ක් බඳවා ගැනීමට පොරොන්දු වී තිබෙනවා. පොලිස් ස්ථාන විවෘතව තබන කාලය වැඩි කිරීම සඳහා තවත් පොලිස් සංචිත නිලධාරීන් 200ක් බඳවා ගැනීමට ඩොලර් මිලියන 70ක් වැය කිරීමටත් යෝජනා කර තිබෙනවා.
අඩු සහ මධ්‍යම මට්ටමේ අපරාධ සිදුකරන ළමුන් සඳහා දැඩි නීතිමය සහ පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට Labor පක්ෂය ඩොලර් මිලියන 204ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ඒ යටතේ එවැනි වැරදි සිදුකරන ළමුන් Malmsbury හි පැරණි තරුණ අධිකරණ මධ්‍යස්ථානය ඇතුළු ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා අධ්‍යාපනය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් මිදීමේ ප්‍රතිකාර සහ ජීවන කුසලතා පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් දැඩි දඬුවම් හඳුන්වාදීමටත් Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා. ස්ත්‍රී දූෂණය සඳහා උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කිරීම සහ වර්තමාන හෝ හිටපු සහකරුවෙකු ඝාතනය කිරීම සඳහා වසර 30ක සම්මත සිරදඬුවමක් හඳුන්වාදීම එයට ඇතුළත්.
පොලිස් නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා BlueHub වැඩසටහනට අමතර ඩොලර් මිලියන 10ක් ලබාදීමටත් Labor පක්ෂය යෝජනා කරනවා.
Coalition පක්ෂය නව පොලිස් නිලධාරීන් 3,000ක් බඳවා ගැනීමටත්, දුම්රිය ස්ථාන 12ක සේවය සඳහා නව PSO නිලධාරීන් 200ක් බඳවා ගැනීමටත් පොරොන්දු වී තිබෙනවා.
පොලිස් ස්ථාන 20ක් නැවත විවෘත කිරීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.
ඇප කොන්දේසි කඩකරන පුද්ගලයන් සිරගත කිරීම සහ බරපතළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් නැවත අපරාධ සිදුකළහොත් ස්වයංක්‍රීයව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් Coalition පක්ෂය යෝජනා කරනවා.
එමෙන්ම Queensland ප්‍රාන්තය අනුගමනය කළ ක්‍රමය අනුව “Globalise the Intifada” යන වාක්‍ය ඛණ්ඩය තහනම් කිරීමටත්, විරෝධතා පැවැත්වීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමටත් පොරොන්දු වී තිබෙනවා.
Stalking හෙවත් පුද්ගලයන් පසුපස හඹා යාමෙන් සිදුවන හිංසනයට ලක්වන පුද්ගලයන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා Celeste’s Law හඳුන්වාදීමටත්, ඉහළ අවදානමක් සහිත Stalking සිද්ධීන්වල සැකකරුවන් පැය 24 පුරා GPS තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීමේ අත්හදා බැලීමක් සිදු කිරීමටත් Coalition පක්ෂය යෝජනා කරනවා. ඒ සඳහා වැය වන මුදල අදාළ පුද්ගලයාගෙන් අයකර ගැනීමටද සැලසුම් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළම අධිකරණය වන Court of Appeal, අපරාධ සහ සිවිල් නඩු සඳහා වෙනම අධිකරණ දෙකක් ලෙස වෙන් කිරීමටත් Coalition පක්ෂය යෝජනා කරනවා. එමඟින් වඩාත් දැඩි දඬුවම් ලබාදීමට හැකි වන බව එම පක්ෂය පවසනවා.
වයස අවුරුදු 14ත් 17ත් අතර වැරදිකරුවන් සඳහා පැරණි Dhurringile බන්ධනාගාරය තුළ Bootcamp මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඩොලර් මිලියන 60ක් වෙන් කිරීමටත් Coalition පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
Greens පක්ෂය අපරාධ වැළැක්වීම සහ ප්‍රජා ආරක්ෂාව සඳහා සමාජ සේවා සපයන වෙනම කාර්යාලයක් පිහිටුවීමට ඩොලර් බිලියනයක් වෙන් කිරීමට යෝජනා කරනවා.
අපරාධ වගකීම දැරිය හැකි අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමටත්, බාලවයස්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමේ ක්‍රමය අහෝසි කිරීමටත් Greens පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා සුනඛයන් භාවිත කිරීමද තහනම් කිරීමට එම පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය පැය 24 පුරාම ක්‍රියාත්මක ඇප අධිකරණයක් පිහිටුවීමටත්, එහි සෑම නඩු විභාගයක්ම පටිගත කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
බරපතළ අපරාධ සම්බන්ධයෙන් විනිසුරුවන් ලබාදෙන දඬුවම් ප්‍රකාශ ප්‍රසිද්ධ විකාශනය කිරීමටත්, බරපතළ වැරදි සම්බන්ධයෙන් අධීක්ෂණය යටතේ ඇප ලබාදෙන පුද්ගලයන්ට ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ අනිවාර්ය කිරීමටත් යෝජනා කර තිබෙනවා.
Melton, Epping සහ Pakenham ප්‍රදේශවල නව අධිකරණ තුනක් ඉදිකිරීමටත්, බරපතළ ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ දිනයේ සිට නඩු විභාගය අවසන් කිරීම දක්වා දින 90ක උපරිම කාලසීමාවක් හඳුන්වාදීමටත් One Nation පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
නිවසේදී ආත්මාරක්ෂාව සඳහා Pepper Spray භාවිත කිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමයක් අත්හදා බැලීමටත්, ළමුන් විසින් සිදුකරන දේපළ හානි සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් දෙමාපියන්ට දඩ මුදල් ගෙවීමට වගකීම පැවරීමටත් එම පක්ෂය යෝජනා කරනවා.
අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් Labor පක්ෂය පාසල් 19ක් වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 184.46ක් වැය කිරීමට පොරොන්දු වී තිබෙනවා.
එමෙන්ම පාසල් තුළ Smart Glasses භාවිතය තහනම් කිරීමටත් යෝජනා කර තිබෙනවා.
Coalition පක්ෂය නව තෝරාගත් උසස් පාසල් තුනක් (Select-entry High Schools) ඉදිකිරීමට ඩොලර් මිලියන 150ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම වසර අටක් තුළ නව තාක්ෂණික විද්‍යාල 10ක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 222ක් වැය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
Greens පක්ෂය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ වැටුප් සඳහා උපරිම සීමාවක් පැනවීමට යෝජනා කරනවා.
ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ පර්යේෂණ හවුල්කාරිත්වයන් පිළිබඳ සම්පූර්ණ විනිවිදභාවයක් ඇති කිරීම සඳහා Research Integrity කාර්යාලයක් පිහිටුවීමටත්, 10, 11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට ගෘහස්ථ ප්රචණ්ඩත්වය, පවුල් ප්රචණ්ඩත්වය සහ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය පාසල්වල Burqa සහ Niqab ඇඳුම් තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා. එම තහනම ඉස්ලාමීය පාසල්වලටද අදාළ වන බව එම පක්ෂය සඳහන් කරනවා.
එමෙන්ම දැනට භාවිත වන වික්ටෝරියානු පාසල් විෂය මාලාව වෙනුවට නව විෂය මාලාවක් හඳුන්වාදීමටත් One Nation පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
මාර්ග අලුත්වැඩියාව සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමද මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්.
Labor පක්ෂය වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග 50ක් අලුත්වැඩියා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 3.6ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම ජනවාරි මාසය වනවිට මාර්ගවල ඇති වලවල් 500,000ක් අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 352ක් වැය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම මාර්ග නඩත්තු කටයුතු සඳහා සිරකරුවන් යොදාගැනීමේ වැඩසටහනක් අත්හදා බැලීමටද යෝජනා කර තිබෙනවා.
මෙල්බර්න් ගුවන්තොටුපළ දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ඩොලර් බිලියන 12ක් වැය කිරීමට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එම මුදලින් කොටසක් ෆෙඩරල් රජයෙන් ලබාගැනීමට අපේක්ෂා කරනවා.
Upfield දුම්රිය මාර්ගය දෙගුණ කිරීම සඳහා මුල් අදියරේදී වසර දෙකක් තුළ ඩොලර් මිලියන 80ක් වැය කිරීමටත් යෝජනා කර තිබෙනවා. ඒ සඳහා එම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග අටක් ඉවත් කිරීමේ කටයුතු කල් දැමීමට සැලසුම් කර තිබෙනවා.
Coalition පක්ෂය වසර හතරක් තුළ මාර්ග අලුත්වැඩියාව සහ වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් බිලියනයක් වැය කිරීමටත්, එම ව්‍යාපෘති අධීක්ෂණය සඳහා රජයේ නව අංශයක් පිහිටුවීමටත් යෝජනා කරනවා.
ප්‍රාදේශීය සහ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා වසර හතරක් තුළ ඩොලර් මිලියන 288ක් වෙන් කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
Mildura සිට Maryborough දක්වාත්, Ararat සිට Dimboola දක්වාත් මගී දුම්රිය සම්බන්ධතා ඇති කිරීමට ඩොලර් මිලියන 51ක් වැය කිරීමට Coalition පක්ෂය යෝජනා කරනවා.
Melton සහ Wyndham Vale දුම්රිය මාර්ග සඳහා නව Hybrid Electric දුම්රිය හඳුන්වාදීමට ඩොලර් බිලියන 1.7ක් වෙන් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
Suburban Rail Loop ව්‍යාපෘතියේ ඉදිකිරීම් තාවකාලිකව නතර කර එය නැවත සමාලෝචනය කිරීමටත්, එම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති සම්පත් මෙල්බර්න් ගුවන්තොටුපළ දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා යොමු කිරීමටත් Coalition පක්ෂය යෝජනා කරනවා.
Greens පක්ෂය දේශීය බස් සේවා වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 270ක් වෙන් කිරීමටත්, ප්‍රාදේශීය දුම්රිය සේවා නිතර ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 245ක් වැය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
Upfield දුම්රිය මාර්ගය දෙගුණ කිරීමේ යෝජනාවටද Greens පක්ෂය සහාය දක්වනවා.
හැකි සෑම ප්‍රදේශයකම උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා අවම වශයෙන් විනාඩි 10කට වරක් දුම්රිය සහ ට්රෑම් රථ සේවා ක්‍රියාත්මක කිරීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය Suburban Rail Loop ව්‍යාපෘතිය අවලංගු කිරීමට පොරොන්දු වී තිබෙනවා.
Melton දුම්රිය මාර්ගය විදුලියෙන් ක්‍රියාත්මක වන පරිදි වැඩිදියුණු කිරීමටත්, මෙල්බර්න් ගුවන්තොටුපළ දුම්රිය සම්බන්ධතා ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමටත් එම පක්ෂය යෝජනා කරනවා.
මාර්ගවල ඇති වලවල් පිළිබඳව ජනතාවට පැමිණිලි කළ හැකි සහ ඒවා අලුත්වැඩියා කරන තත්ත්වය සජීවීව නිරීක්ෂණය කළ හැකි පොදු Online Portal එකක් හඳුන්වාදීමටත් One Nation පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ තවත් ප්‍රධාන මතභේදයක් වී ඇත්තේ ආදිවාසී ජනතාව සමඟ ඇති කරගත් Treaty ගිවිසුමයි.
2025 වසරේදී නීතියක් බවට පත් කළ මෙම ගිවිසුම ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ගිවිසුම ලෙස සැලකෙනවා.
මෙම ගිවිසුම යටතේ Nginma Ngainga Wara සහ Nyerna Yoorrook Telkuna යන අංශ දෙකකින් සමන්විත ආයතනයක් පිහිටුවා තිබෙනවා.
Nginma Ngainga Wara ආයතනය රජයේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය සහ වගවීම සහතික කිරීම සඳහා කටයුතු කරන අතර, Nyerna Yoorrook Telkuna ආයතනය අතීත සිදුවීම් පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වෙනවා.
Labor සහ Greens පක්ෂ මෙම Treaty ගිවිසුමට අඛණ්ඩව සහාය ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
නමුත් Coalition සහ One Nation පක්ෂ දෙකම එම ගිවිසුම අහෝසි කිරීමට පොරොන්දු වී තිබීම විශේෂත්වයක්.
බලශක්ති ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද පක්ෂ හතර අතර පැහැදිලි වෙනස්කම් දක්නට ලැබෙනවා.
Labor පක්ෂය වික්ටෝරියා ප්‍රාන්තයේ Antimony සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 20ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. Antimony යනු වික්ටෝරියා ප්‍රාන්තයේම කැණීම් කරන අතර බැටරි සහ සූර්ය පැනල නිෂ්පාදනය සඳහා වැදගත් වන ඛනිජයකි.
ප්‍රාදේශීය ප්‍රදේශවලින් මෙල්බර්න් නගරයට පුනර්ජනනීය බලශක්තිය ගෙන ඒම සඳහා සැලසුම් කර ඇති Western Renewables Link (WRL) නම් ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර නැවත සමාලෝචනය කිරීමටත් Labor පක්ෂය යෝජනා කරනවා.
Coalition පක්ෂය නව නිවාස සඳහා ගෑස් සම්බන්ධතා ලබාදීම තහනම් කර ඇති නීතිය ආපසු හැරවීමට පොරොන්දු වී තිබෙනවා.
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සම්බන්ධ කරන VNI West විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය සහ Western Renewables Link ව්‍යාපෘතිය අවලංගු කිරීමටත්, එම ව්‍යාපෘති සඳහා තම ඉඩම්වලට ඇතුළුවීමට අවසර නොදුන් ඉඩම් හිමියන්ට පනවා ඇති දඩ මුදල් ඉවත් කිරීමටත් Coalition පක්ෂය යෝජනා කරනවා.
Greens පක්ෂය Yarra ගඟ පිරිසිදු කර 2036 වසර වනවිට එහි පිහිනීමට ආරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම සඳහා ඩොලර් මිලියන 70ක් වෙන් කිරීමට පොරොන්දු වී තිබෙනවා.
සෝයා සෝස් බහාලුම්, පාන් සඳහා භාවිත කරන ප්ලාස්ටික් ටැග්, කෝපි කෝප්ප, එළවළු සහ පලතුරු බෑග් සහ එළවළු මත අලවන ස්ටිකර් වැනි එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් භාණ්ඩ තහනම් කිරීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
දැනට බෝතල් සහ කෑන් ආපසු ලබාදීමේදී ගෙවන ශත 10ක මුදල ශත 20 දක්වා වැඩි කිරීමටත්, බලශක්ති කාර්යක්ෂම උපකරණ මිලදී ගැනීමට සහ නිවාස වැඩිදියුණු කිරීමට ජනතාවට මුදල් ලබාදෙන Green Power Voucher ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 500ක් වෙන් කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
එමෙන්ම රජයට අයත් බලශක්ති සිල්ලර සැපයුම් ආයතනයක් පිහිටුවීමටත්, VNI West සහ WRL යන විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකටම සහාය ලබාදීමටත් Greens පක්ෂය යෝජනා කරනවා.
One Nation පක්ෂය වික්ටෝරියා ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලශක්තිය තහනම් කර ඇති නීතිය අහෝසි කිරීමටත්, Net Zero ඉලක්ක ඉවත් කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.
නව නිවාස සඳහා ගෑස් සම්බන්ධතා ලබාදීමේ තහනම ආපසු හැරවීමටත්, VNI West සහ Western Renewables Link යන විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකම අවලංගු කිරීමටත් One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී පක්ෂ හතරම ජනතාවට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා.
ජීවන වියදම සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ Greens පක්ෂයයි. නිවාස සම්බන්ධයෙන් Greens පක්ෂය කුලී වැඩිවීම් සීමා කිරීමට සහ පොදු නිවාස වැඩි කිරීමට යෝජනා කරන අතර, Labor සහ Coalition පක්ෂ පළමු වරට නිවාස මිලදී ගන්නා අයට සහන ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ Labor පක්ෂය රජයේ රෝහල්වල ශල්‍යකර්ම සහ දන්ත සායන වැඩි කිරීමට යෝජනා කරන අතර, Coalition පක්ෂය පෞද්ගලික රෝහල් සමඟ හවුල් වී ශල්‍යකර්ම සිදුකිරීම සහ රෝහල් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
අපරාධ පාලනය සම්බන්ධයෙන් Coalition පක්ෂය වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට යෝජනා කර ඇති අතර, Greens පක්ෂය සමාජ සේවා සහ අපරාධ වැළැක්වීමේ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ප්‍රවාහන ක්ෂේත්රයේ Suburban Rail Loop ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද පක්ෂ අතර වෙනස් මත පවතිනවා. Coalition පක්ෂය එය තාවකාලිකව නතර කර සමාලෝචනය කිරීමට යෝජනා කරන අතර, One Nation පක්ෂය එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පොරොන්දු වී තිබෙනවා.
මේ අතර ආදිවාසී Treaty ගිවිසුම සම්බන්ධයෙන් Labor සහ Greens පක්ෂ සහාය පළ කරන අතර, Coalition සහ One Nation පක්ෂ එය අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සියලුම කරුණු දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ පොරොන්දු සහ යෝජනා බවත්, ඒවා සියල්ල ක්‍රියාත්මක වන බවට සහතිකයක් නොමැති බවත් සැලකිල්ලට ගත යුතුයි. ඇතැම් පොරොන්දු සඳහා වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කර නොමැති අතර, පක්ෂ විසින් ලබාදී ඇති ඇතැම් මුදල් ඇස්තමේන්තුද ස්වාධීනව තහවුරු කර නැහැ.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්දදායකයන්ට මෙවර තීරණය කිරීමට සිදුවන්නේ තමන්ට වඩාත්ම බලපාන ජීවන වියදම, නිවාස, සෞඛ්‍යය, ආරක්ෂාව, අධ්‍යාපනය සහ ප්‍රවාහනය වැනි කරුණු සම්බන්ධයෙන් එක් එක් පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවයි.
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා...

ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට ෆෙඩරල් රජය සූදානම්

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය