Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාවට කඩිනම් සහන ලබා නොදුනහොත් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවිය හැකි බව ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie අනතුරු අඟවා තිබෙනවා.

විශේෂයෙන්, Tasmania ප්‍රාන්තයේ ඇතැමුන්, දරුවන්ට ආහාර ලබාදීම සඳහා සුපිරි වෙළෙඳසැල්වලින් මස් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිදුවීම් පවා ඉහළ ගොස් ඇති බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

COVID-19 වසංගතයෙන් පසුව ජනතාව මෙතරම් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙන තත්ත්වයක් තමන් දැක නොමැති බවද ඇය පවසනවා.

Advertisement

ඉහළ පොලී අනුපාත, ඉන්ධන මිල සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පවුල් දහස් ගණනක් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින අතර, මෙම තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍ර වී සොරකම් සහ අපරාධ ඉහළ යාම හරහා රට තුළ බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය විය හැකි බවට ඇය අනතුරු අඟවනවා.

මේ අතර, වාර්ෂිකව ඩොලර් 500,000ක් උපයන ඉහළ ආදායම්ලාභී පවුල්වලට ලබාදෙන Childcare සහ Electric Vehicle සහනාධාර නැවත සමාලෝචනය කර, වැඩි සහන ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ලබාදිය යුතු බව ඇය යෝජනා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කරන ගෑස් සඳහා 20%ක බද්දක් පැනවීමෙන් රජයට අමතර ආදායම් උපයාගත හැකි බවද ඇය පෙන්වා දෙනවා.

Banner 01

මේ අතර දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත වසර මැද අය-වැය යාවත්කාලීනයට (Mid-Year Economic and Fiscal Outlook – MYEFO) පෙර රජයේ වියදම් සීමා කිරීම පිළිබඳව Albanese රජය සලකා බලමින් සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...

විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ත් 17ත් අතර අපරාධවලට වරදකරුවන් වන තරුණයන් සඳහා විශේෂ Bootcamp පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීමට Liberal පක්ෂය...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...

ඔස්ට්‍රේලියාවේ වසර දහයක විශ්වාසය දිනාගත් ශ්‍රී ලාංකික සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Onaro Foods හි නවතම ශාඛාව හෙට, නොවැම්බර් 14 වැනි...

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...

ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය...

මෙල්බන් වයඹදිග ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් (Aged Care Facility) ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් පසු එම ස්ථානයට විශේෂ පොලිස්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාව බරපතළ සමාජ අර්බුදයක් අබියස – Jacqui Lambie අනතුරු අගවයි

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

Read More »

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom