Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoria ප්‍රාන්තයේ Community Language Schoolsවලට VCE භාෂා විෂයයන් ඉගැන්වීමේ අවස්ථාව අහිමි වීමත් සමඟ බහුසංස්කෘතික ප්‍රජාවන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා.

2027 වසරේ සිට මෙම පාසල්වලට VCE විෂයයන් ඉගැන්වීමට අවසර නොලැබෙන බවයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ.

Community Languages Victoria සහ ඊට අනුබද්ධ පාසල් VCE අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා අවශ්‍ය පාලන, ළමා ආරක්ෂණ සහ පරිපාලන ප්‍රමිතීන් සපුරා නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Advertisement

මේ හේතුවෙන් 2026 වසරේදී Community Language Schoolsවල VCE පළමු සහ දෙවැනි ඒකක හදාරන සිසුන් 700කට පමණ මෙම තීරණය බලපානු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් බලපෑමට ලක්වන සිසුන්ට 2027 වසරේදී රජයේ Victorian School of Languages හරහා තම භාෂා අධ්‍යාපනය නොමිලේ කරගෙන යාමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

Banner 01

මේ අතර පාසල්වලට ස්වාධීනව VCE අධ්‍යාපන සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වීමට සහාය ලබාදීම සඳහා ඩොලර් මිලියනයක අරමුදලක් ලබාදෙන බවට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා.

Liberal පක්ෂය ද පාසල්වලට සෘජුවම ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රජා සංවිධාන තවදුරටත් සාකච්ඡා කරමින් සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පළකරන රැකියා දැන්වීම් සංඛ්‍යාව 19.2%කින් ඉහළ ගොස් තිබෙනවා. Jobs and Skills Australia ආයතනය නොවැම්බර් 13...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ ආර්ථික විශ්වාසය දිගුකාලීන ව සාමාන්‍ය මට්ටමට වඩා පහළින් පවතින බව නවතම Caveat Indices සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා....

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මිලදීගත් Digital Gift Cardsවල තිබූ ඩොලර් සිය ගණනක මුදල් තමන්ගේ අනුමැතියකින් තොරව වෙනත් පුද්ගලයන්...

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

VCE භාෂා පන්තිවලට 2027 සිට තහංචියක් – සිසුන් 700ක් අසීරුතාවක

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

Read More »

Victoria ප්‍රාන්ත මැතිවරණයේ Early Voting හෙට සිට ඇරඹෙයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Read More »

වික්ටෝරියාවේ දෙමාපියන්ට අමතර වියදමක් විය හැකි පෙර පාසල් ගාස්තු ගැන නව කතාබහක්

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

Read More »

Antibiotics ගන්න කලින් දැනගන්න – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

Read More »

දරුවන්ගේ Social Media සීමා නොතකන සමාගම්වලට ඩොලර් බිලියන ගණනකින් දඩ

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

Read More »

රැකියා ස්ථානයේ අසාධාරණයකට ලක්වුණාද? Visa ගැන බිය නොවී පැමිණිලි කරන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom