Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සේවකයන්ට හිමි අවම රැකියා අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් ඔවුන්ටත් හිමිවන බව Fair Work Ombudsman ආයතනය පෙන්වා දෙනවා.

නිසි වැටුප් ලබාගැනීම, නිවාඩු සහ සේවා ප්‍රතිලාභ මෙන්ම සේවා ස්ථානයේ වෙනස්කම් කිරීම්වලින් ආරක්ෂා වීමේ අයිතිය ද ඒ අතරට ඇතුළත්.

Advertisement

වීසා කොන්දේසි උල්ලංඝනය කර තිබුණත්, රැකියා කිරීමට අවසර නොමැති තත්ත්වයක සිටියත්, සේවකයන්ට හිමි අවම රැකියා අයිතිවාසිකම් අහිමි නොවන බව එම ආයතනය අවධාරණය කරනවා.

එමෙන්ම සේවායෝජකයෙකුට සේවකයෙකුගේ වීසා අවලංගු කිරීමේ බලයක් නොමැති අතර, වීසා ලබාදීම හෝ අවලංගු කිරීමේ බලය ඇත්තේ Department of Home Affairs ආයතනයට පමණයි.

Banner 01

රැකියා ස්ථානයේ ගැටලුවක් සම්බන්ධයෙන් Fair Work Ombudsman ආයතනයෙන් සහාය ඉල්ලා සිටීම හේතුවෙන් සේවකයෙකුගේ වීසා අවලංගු නොවන බවද සඳහන්.

තවද වීසා අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් සේවකයන්ගෙන් මුදල් අයකිරීම සහ රැකියාවක් ලබාදීමේ කොන්දේසියක් ලෙස මුදල් ඉල්ලා සිටීම නීතිවිරෝධී බවත් එම ආයතනය දැනුම් දෙනවා.

සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සහාය ලබාගැනීමට 131 450 අංකයෙන් පරිවර්තන සේවාව අමතා, Fair Work Ombudsman ආයතනයේ 13 13 94 අංකයට සම්බන්ධ විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife...

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත්...

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....

වික්ටෝරියාවේ පාසලක සිසුවෙකු Grooming කිරීමේ චෝදනාවකට විමර්ශනයට ලක්ව සිටි ගුරුවරයෙකු Northern Territory වෙත ගොස් පාසල් දෙකක සේවය කර ඇති බව...

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ ආර්ථික විශ්වාසය දිගුකාලීන ව සාමාන්‍ය මට්ටමට වඩා පහළින් පවතින බව නවතම Caveat Indices සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රැකියා ස්ථානයේ අසාධාරණයකට ලක්වුණාද? Visa ගැන බිය නොවී පැමිණිලි කරන්න

ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරාගැනීමට රජයෙන් ඩොලර් මිලියන 2ක්

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

Read More »

Victoria ප්‍රාන්ත මැතිවරණයේ Early Voting හෙට සිට ඇරඹෙයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්‍රාන්තය පුරා ඡන්ද

Read More »

වික්ටෝරියාවේ දෙමාපියන්ට අමතර වියදමක් විය හැකි පෙර පාසල් ගාස්තු ගැන නව කතාබහක්

Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ අතර

Read More »

Antibiotics ගන්න කලින් දැනගන්න – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

Read More »

දරුවන්ගේ Social Media සීමා නොතකන සමාගම්වලට ඩොලර් බිලියන ගණනකින් දඩ

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි

Read More »

රැකියා ස්ථානයේ අසාධාරණයකට ලක්වුණාද? Visa ගැන බිය නොවී පැමිණිලි කරන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom