Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඕක්ලන්ඩ් නගරයේ බලපත්‍ර නොලත් ආගමන උපදේශකයෙකු විසින් මෙම වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, මේ වනවිට සංක්‍රමණිකයන් 20 දෙනෙකු නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

AEWV රැකියා වීසා සඳහා අයදුම් කළ පුද්ගලයන්ගේ ඉංග්‍රීසි පරීක්ෂණ ලකුණු ව්‍යාජ ලෙස වෙනස් කිරීම සහ කිසිදු නිල අනුමැතියක් නොමැති වීසා ලේඛන ලබාදීම මෙම චෝදනා අතර වනවා.

Advertisement

ඇතැම් සංක්‍රමණිකයන් තමන්ට ලබාදුන් වීසා ව්‍යාජ බව නොදැන නවසීලන්තයේ රැඳී සිටින අතර, ඔවුන්ගේ වීසා තත්ත්වයට ගැටලු ඇතිවීම සහ රටින් පිටුවහල් කිරීමේ අවදානමක් ද මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, වංචාවට ලක්වූ සියලුම සංක්‍රමණිකයන් ස්වයංක්‍රීයව පිටුවහල් නොකරන අතර, එක් එක් පුද්ගලයාගේ තත්ත්වය වෙන වෙනම සලකා බැලීමට නියමිතයි.

Banner 01

මේ අතර, ආගමන උපදේශකයන්ට එරෙහි පැමිණිලි සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

තම වීසා බලපත්‍රය සත්‍ය එකක්දැයි නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂා කරගන්නා ලෙසත්, බලපත්‍රලාභී ආගමන උපදේශකයන්ගේ සේවය පමණක් ලබාගන්නා ලෙසත් සංක්‍රමණිකයන්ට අවවාද කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නවතම ජනමත සමීක්ෂණවලට අනුව Liberal සහ National පක්ෂ සන්ධානයට ජනතා සහාය ඉහළ යමින් පවතින අතර, අගමැති Anthony Albaneseගේ Labor...

ඔස්ට්‍රේලියාවේ Energy Drinks හෙවත් ශක්තිජනක පාන භාවිතය පසුගිය වසර හයක කාලය තුළ සියයට 80කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ...

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා...

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වුවද, මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට National Australia Bank...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ව්‍යාජ ඉංග්‍රීසි ලකුණු සහ හොර වීසා ජාවාරමක් නවසීලන්තයෙන් හෙළිවෙයි

වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙන් දරුවෙකු බිහිකර ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් නව නීති

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate සන්නාමයක් බංකොලොත්භාවයට

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

Read More »

BBC, CNN ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමත් ජීවන වියදම හමුවේ පරාජය වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

Read More »

2026 වසරේ ලෝකයම කතා කළ වචනය

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය

Read More »

ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට සහ සංවිධාන 4කට ඔස්ට්‍රේලියාවෙන් නව සම්බාධක

බටහිර ඉවුරේ (West Bank) පලස්තීනුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සහ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට සහ සංවිධාන හතරකට නව සම්බාධක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom