Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Australian Signals Directorate (ASD) ආයතනය පවසන්නේ Computer Softwareවල පවතින ආරක්ෂක දුර්වලතා හැකර්වරුන් විසින් ඉතා වේගයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටින බවයි.

ඇතැම් ආරක්ෂක දුර්වලතා සඳහා විසඳුම් නිකුත් කර පැය 48ක් ගතවීමටත් පෙර හැකර්වරුන් ඒවා ප්‍රයෝජනයට ගෙන සයිබර් ප්‍රහාර සිදුකර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

Advertisement

විශේෂයෙන් Artificial Intelligence (AI) සහ ස්වයංක්‍රීය තාක්ෂණික මෙවලම් භාවිත කිරීම හේතුවෙන් හැකර්වරුන්ට පරිගණක පද්ධතිවල ආරක්ෂක දුර්වලතා සොයාගැනීම සහ ඒවාට ප්‍රහාර එල්ල කිරීම වඩාත් පහසු වී තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, විශාල සමාගම්, අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ රාජ්‍ය ආයතන සඳහා විශේෂයෙන් නිකුත් කර තිබෙනවා.

Banner 01

එමෙන්ම සාමාන්‍ය ජනතාව ද තම ජංගම දුරකථන, පරිගණක සහ Apps නිරන්තරයෙන් Update කර තබාගැනීම වැදගත් බවයි සයිබර් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Online ගිණුම් සඳහා ශක්තිමත් Password භාවිත කිරීම සහ Two-Factor Authentication ක්‍රියාත්මක කිරීම ද නිර්දේශ කර තිබෙනවා.

සයිබර් ප්‍රහාරයක් සිදුවන තෙක් බලා නොසිට ආරක්ෂක පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ආයතනවලින් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...

2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක...

Apple සමාගමේ ජනප්‍රිය සේවාවන් රැසක හදිසි බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන 7ට පමණ Apple App Store සේවාව...

ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් නැවත නැවතත් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. නව විශ්ලේෂණයකින් අනාවරණ වී...

ගුවන් සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණයක් හඳුන්වා දෙමින්, නියමුවෙකු සහිතව හෝ රහිතව පියාසර කළ හැකි CE-25A විදුලි මගී ගුවන් යානයේ පළමු...

ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවට බරපතළ Cyber Attack අනතුරු ඇඟවීමක්

වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙන් දරුවෙකු බිහිකර ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් නව නීති

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින් ඉදිරිපත් කළ මෙම නිර්දේශවල ප්‍රධාන

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate සන්නාමයක් බංකොලොත්භාවයට

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. 2015 වසරේදී ආරම්භ කළ මෙම

Read More »

BBC, CNN ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාරයක් අනාවරණය

Read More »

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමත් ජීවන වියදම හමුවේ පරාජය වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම

Read More »

2026 වසරේ ලෝකයම කතා කළ වචනය

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසාගේ අනන්‍යතාව සහ අනාගතය

Read More »

ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට සහ සංවිධාන 4කට ඔස්ට්‍රේලියාවෙන් නව සම්බාධක

බටහිර ඉවුරේ (West Bank) පලස්තීනුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සහ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට සහ සංවිධාන හතරකට නව සම්බාධක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom