ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා.
2015 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපාරය ඔස්ට්‍රේලියාව පුරා පාරිභෝගිකයන් අතර ප්‍රසිද්ධියට පත්වූ සන්නාමයක්.
COVID වසංගතයෙන් පසුව වසර කිහිපයක් පුරා පැවති දුෂ්කර වෙළෙඳපොළ තත්ත්වයන් මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සමාගමේ අධ්‍යක්ෂ Daniel Leesong පවසනවා.
ව්‍යාපාරය බේරාගැනීම සඳහා කොටස් හිමියන් සමඟ විවිධ විකල්ප පිළිබඳ සාකච්ඡා කළත් සාර්ථක විසඳුමක් සොයාගැනීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මේ අතර, Apex Advisory සමාගමේ Adam Johnston මෙම ව්‍යාපාරයේ පරිපාලන කටයුතු භාර නිලධාරියා ලෙස පත්කර තිබෙනවා.
කෙසේ වෙතත්, ව්‍යාපාරයේ ඉදිරි මූල්‍ය තත්ත්වය සහ අනාගතය පිළිබඳ තීරණ ගන්නා තෙක් එහි වෙළෙඳ කටයුතු තාවකාලිකව අඛණ්ඩව පවත්වාගෙන යන බව පරිපාලකයන් ප්‍රකාශ කර තිබෙනවා.
Hobart, Launceston, Melbourne සහ Fremantle යන නගරවල වෙළෙඳසැල් පවත්වාගෙන යන මෙම සමාගම ආහාර සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සම්මාන 100කට අධික සංඛ්‍යාවක් දිනාගෙන ඇති ව්‍යාපාරයක්.
මේ අතර, සමාගම මිලදී ගැනීමට හෝ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කැමති ආයෝජකයන්ගෙන් පරිපාලකයන් කඩිනමින් ඉල්ලීම් කැඳවා තිබෙනවා.