

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
32 හැවිරිදි Deandra Kontou නමැති මෙම ගුරුවරියට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා 9ක් ගොනු කර ඇති අතර, සිද්ධිය වන විට අදාළ සිසුවා 16 හැවිරිදි වියේ පසුව ඇති බව සඳහන්.
සිය දරුවා රැකබලා ගැනීම සඳහා පෙරපාසල් වෙත යාමට අවසර ලබාදෙන ලෙස ඇය කළ ඉල්ලීමකට අනුව අධිකරණය අද ඇයගේ ඇප කොන්දේසි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පෙරපාසල් වෙත යාමට හැකි වන පරිදි ඇයගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ඇයට පාසල් වෙත යාම සහ ළමුන් සමඟ සම්බන්ධ වන ඉගැන්වීම් කටයුතුවල නිරත වීම තහනම් කර තිබුණා.
කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍රය භාරදීම, දිනපතා Sutherland පොලිස් ස්ථානයට වාර්තා කිරීම සහ දෙමාපියෙකු, භාරකරුවෙකු හෝ වගකිවයුතු වැඩිහිටියෙකු නොමැතිව ළමුන් සමඟ සිටීම තහනම් කිරීම ඇතුළු ඇප කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මකයි.
අදාළ නඩුව දෙසැම්බර් 16 වැනිදා දක්වා කල් තබා ඇති අතර, ඇයට එරෙහි චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නැහැ.
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් වැදගත් සහනයක් ලබාදීමේ අරමුණින් අගමැති Anthony Albanese ප්‍රමුඛ රජය Pharmaceutical Benefits Scheme (PBS)...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...
ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...
නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
Victoria ප්‍රාන්තයේ හොඳම රජයේ ද්විතීයික පාසල් 100 ඇතුළත් නව ශ්‍රේණිගත කිරීමක් Herald Sun පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්