

ඔස්ට්‍රේලියාවේ විරැකියාව වැඩිවෙයි – වැටුප් අඩුවෙයි
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ මෙම අගය 2021 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතයයි.
ABS හි ශ්‍රම සංඛ්‍යාලේඛන ප්‍රධානී ෂෝන් ක්‍රික් සඳහන් කළේ ඔක්තෝබර් මාසයේදී රැකියාවල නිරත පුද්ගලයන් සංඛ්‍යාව 44,000කින් අඩු වී ඇති අතර රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව 18,000කින් ඉහළ ගොස් ඇති බවයි.

විශේෂයෙන්ම තරුණ විරැකියා අනුපාතයද ඉහළ යාම කැපී පෙනෙන කරුණක්.
තවත් විශේෂත්වයක් වන්නේ තරුණ විරැකියා අනුපාතයද 2021 ඔක්තෝබර් මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ තිබීමයි.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළේ ඉදිරි තත්ත්වය පිළිබඳව මෙම සංඛ්‍යාලේඛන සමඟ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ වැටුප් ඉහළ ගියත්, ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් සේවකයන්ගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් පහත වැටී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නොවැම්බර් 18 වනදා නිකුත් කළ වාර්තාවට අනුව 2026 සැප්තැම්බර් කාර්තුවේ වැටුප් මිල දර්ශකය (Wage Price Index) 1.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
විශේෂත්වය වන්නේ වැටුප් ඉහළ ගියද උද්ධමනය ඊට වඩා වේගයෙන් ඉහළ යාම නිසා සේවකයන්ගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව අඩු වී තිබීමයි.
ඔමේ අනුව වැටුප් වැඩිවීම් තිබුණත් එදිනෙදා ජීවන වියදම් පියවා ගැනීම ඔස්ට්‍රේලියානු සේවකයන්ට තවදුරටත් අභියෝගයක් වී තිබෙනවා.
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන...
වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...
Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...
ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වුවද, මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට National Australia Bank...
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට...
ඔස්ට්‍රේලියාවේ Energy Drinks හෙවත් ශක්තිජනක පාන භාවිතය පසුගිය වසර හයක කාලය තුළ සියයට 80කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ...
ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...
ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) අද (නොවැම්බර් 19) නිකුත් කළ

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය