

දරුවන්ට දෙන Junk Food ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා.
නොවැම්බර් 18 වැනිදා ආරම්භ වූ පූර්ව ඡන්ද විමසීමේ පළමු දිනයේ පමණක් ඡන්දදායකයන් 211,461 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව වික්ටෝරියා මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
එය 2022 ප්‍රාන්ත මැතිවරණයේ පළමු දිනයේ වාර්තා වූ ඡන්ද සංඛ්‍යාවට වඩා සියයට 84ක පමණ වැඩිවීමක් වන අතර, මෙවර මැතිවරණය කෙරෙහි ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් පවතින බවට මෙය ප්‍රබල සංඥාවක් ලෙස සැලකිය හැකියි.

නොවැම්බර් 18 වැනිදා වනවිට වාර්තා වී ඇති මුළු පූර්ව ඡන්ද සංඛ්‍යාව 217,873ක් වන අතර, මීට අමතරව තැපැල් ඡන්ද 12,381ක් ද මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙනවා.
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී මිලියන 4.7කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර, ප්‍රාන්තය පුරා පූර්ව ඡන්ද මධ්‍යස්ථාන 210ක් ස්ථාපිත කර තිබෙනවා.
පසුගිය 2022 ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දදායකයන්ගෙන් සියයට 48කට වැඩි පිරිසක් පූර්ව ඡන්දය භාවිත කර තිබූ අතර, මෙවර එම ප්‍රතිශතය සියයට 60ක් දක්වා ඉහළ යනු ඇතැයි මැතිවරණ බලධාරීන් අපේක්ෂා කරනවා.
මේ අතර වත්මන් ලේබර් රජය යළිත් බලය රැකගැනීමට උත්සාහ කරන අතර, ලිබරල් සහ නැෂනල් සන්ධානය ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් මැතිවරණ සටනට එක්ව සිටිනවා.
Greens, One Nation ඇතුළු අනෙකුත් පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටීම වික්ටෝරියානු දේශපාලන සටන තවත් උණුසුම් කර තිබෙනවා.
පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම නොවැම්බර් 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ප්‍රධාන ඡන්ද විමසීම නොවැම්බර් 28 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ඉහළ සහභාගිත්වය කුමන දේශපාලන පක්ෂයකට වාසිදායක වේද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර, වික්ටෝරියාවේ ඉදිරි වසර හතරක පාලනය තීරණය කරන්නේ ඡන්දදායකයන්ගේ අවසන් තීන්දුවයි.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...
ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...
වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...
Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන...
ඔස්ට්‍රේලියාවේ රක්ෂණ වාරික පසුගිය වසර පහ තුළ 46%කින් ඉහළ ගොස් ඇති බව නව විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. එම කාලය තුළ...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට...

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ පහ නවතම Domain House Price