ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසකගේ තොරතුරු විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.
එම අධ්‍යයනයට අනුව, සමීක්ෂණයට සහභාගී වූ සංක්‍රමණික සේවකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසකට හිමිවිය යුතු වැටුප නිසි ලෙස ලැබී නැහැ.
එලෙස අඩු වැටුප් ලැබූ සේවකයන්ගෙන් තමන්ට හිමි මුදල් නැවත ලබාගැනීමට පියවර ගෙන ඇත්තේ හත්දෙනෙකුගෙන් එක් අයෙකු පමණයි.
පැමිණිලි කළහොත් තම වීසා තත්ත්වයට බලපෑමක් සිදුවනු ඇතැයි 28%ක් බිය පළකර ඇති අතර, තුනෙන් එකකට ආසන්න පිරිසක් රැකියාව අහිමිවීමේ අවදානමක් පවතින බව සඳහන් කර තිබෙනවා.
තවත් හතරෙන් එකකට ආසන්න පිරිසකට තමන්ට සහාය ලබාගත හැකි ස්ථානයක් හෝ ගතයුතු පියවර පිළිබඳ අවබෝධයක් නොමැති බවත් හෙළිවී තිබෙනවා.
Fair Work Ombudsman ආයතනය පිළිබඳ දැනුවත් සේවකයන් අතරින් පවා එම ආයතනය වෙත පැමිණිලි කර ඇත්තේ 3%ක් පමණක් වීම විශේෂත්වයක්.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා සංක්‍රමණික සේවකයන්ට පැමිණිලි කිරීමේදී වැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙසත්, සේවා ස්ථානවල නීති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරන ලෙසත් පර්යේෂකයන් රජයෙන් ඉල්ලා තිබෙනවා.