Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නගරයේ Aged Care මධ්‍යස්ථානවලට නිසි සුදුසුකම් නොමැති සේවකයන් සැපයීම, සේවක වැටුප් අඩුවෙන් ගෙවීම සහ ජාත්‍යන්තර සිසුන් වීසා කොන්දේසි උල්ලංඝනය වන ආකාරයෙන් සේවයේ යෙදවීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් Barton Care ආයතනයේ Labour Hire බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Labour Hire Authority විසින් සිදුකළ විමර්ශනයකදී මෙම ආයතනය හරහා Aged Care මධ්‍යස්ථානවල සේවය කළ පිරිසකගේ වෘත්තීය සුදුසුකම් වලංගු නොවන බවයි හෙළි වී ඇත්තේ.

පරීක්ෂාවට ලක්කළ සේවක සුදුසුකම් අතරින් සියයට 70කට අදාළ සහතික මීට පෙර Australian Skills Quality Authority විසින් අවලංගු කර තිබූ බව ද අනාවරණය වී තිබෙනවා.

Advertisement

එක් සිද්ධියකදී ඔස්ට්‍රේලියාවට පැමිණ දින 9ක් ඇතුළත පුද්ගලයෙකු වෘත්තීය සුදුසුකමක් ලබාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් එම පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවම වශයෙන් මාස හයක් ගතවන බව බලධාරීන් පෙන්වා දෙනවා.

මෙම සමාගම හරහා මෙල්බන් නගරයේ සේවකයන් 200ක් පමණ Aged Care මධ්‍යස්ථාන වෙත යොමුකර තිබූ අතර, ඔවුන් අතර ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් ද සිටි බව වාර්තා වනවා.

Banner 01

විශේෂයෙන් ඉන්දියාවෙන් ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන පුද්ගලයන් සේවයට බඳවාගැනීම සඳහා සමාගම වැඩි අවධානයක් යොමු කළ බව හිටපු සේවකයන් දෙදෙනෙකු පවසා තිබෙනවා.

එමෙන්ම ඇතැම් සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීම, වැටුප් පත්‍රිකා ව්‍යාජ ලෙස සකස් කිරීම සහ ජාත්‍යන්තර සිසුන්ට වීසා මගින් අවසර දී ඇති කාලයට වඩා වැඩි පැය ගණනක් සේවය කිරීමට බලපෑම් කිරීම ද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Barton Care සමාගම Jewish Care, Estia සහ Bass Care ඇතුළු ප්‍රධාන Aged Care සේවා සපයන ආයතනවලට සේවකයන් ලබාදී තිබෙනවා.

Labour Hire Authority පවසන්නේ මෙම සමාගම Migration Act, Fair Work Act සහ සේවක වන්දි සම්බන්ධ නීතිවලට අනුකූලව කටයුතු කර නොමැති බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී සමාගමේ බලපත්‍රය මුලින්ම අත්හිටුවා තිබූ අතර, වැඩිදුර විමර්ශනවලින් අනතුරුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා.

මේ අතර Victoria Labour Hire Authority බලධාරීන් පවසන්නේ ඉදිරියේදී Aged Care ක්ෂේත්‍රයට සේවකයන් සපයන ආයතන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කරන බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය...

වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....

Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor රජයට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියකින් දැඩි විවේචන...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...

ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...

Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර සිසුන් වීසා සීමාව ඉක්මවා සේවයේ යෙදවූ මෙල්බන් Aged Care එකකට වැඩ වරදී

ඔස්ට්‍රේලියාවේ Migrant සේවකයන්ට සිදුවන අසාධාරණය ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන්

Read More »

නිවාස මිල සෙල්ලමට තිත- වික්ටෝරියා හි නව නීතියෙන් විශාල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින බවට මුල් දත්තවලින් හෙළිවී තිබෙනවා.

Read More »

රටවල් 52කට Australian Immi App පහසුකම – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට Biometrics ලබාදීම වඩාත් පහසු කිරීම සඳහා Australian Immi App පහසුකම රටවල් 52ක් දක්වා පුළුල් කර තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි මෙම App

Read More »

හෙට ඔස්ට්‍රේලියාවට දරුණු කුණාටු අවදානමක් – ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා වර්ධනය වන කුණාටු සවස් කාලය

Read More »

විදුලි සැපයුමේ දෝෂයකින් වික්ටෝරියානු පවුල් රැසකට දහස් ගණනක පාඩු

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන්

Read More »

අමතර ෆේස්බුක් ගිණුම් රැසක් ස්ථිරවම මකා දැමීමට Meta සමාගමෙන් තීරණයක්

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 දෙසැම්බර් 14 වැනිදායින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom