

දරුවන්ට දෙන Junk Food ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට නිකුත් කර තිබෙනවා.
Novo Nordisk සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධය ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය වන Therapeutic Goods Administration හෙවත් TGA විසින් අනුමත කර ඇති අතර වෛද්‍ය නිර්දේශයක් මත පමණක් ලබාගත හැකියි.
මෙම Pill එකේ අඩංගු Semaglutide නමැති ඖෂධීය සංඝටකය, දැනට සතිපතා ලබාදෙන Wegovy එන්නතෙහි අඩංගු සංඝටකයම වනවා.

ආහාර ගැනීමෙන් පසු ශරීරයේ නිපදවන GLP-1 හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කරමින් ආහාර රුචිය පාලනය කිරීමට සහ ඉක්මනින් කුස පිරුණු බව දැනීමට මෙම ඖෂධය උපකාරී වනවා.
සායනික පරීක්ෂණවලදී ඉහළම මාත්‍රාව භාවිත කළ පුද්ගලයන්ගේ ශරීර බර වසරක පමණ කාලයකදී සාමාන්‍යයෙන් සියයට 14කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ඖෂධය ප්‍රධාන වශයෙන් BMI අගය 30 හෝ ඊට වැඩි පුද්ගලයන්ට සහ BMI අගය 27 හෝ ඊට වැඩි, බර සම්බන්ධ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන්ට නිර්දේශ කෙරෙනවා.
ඔස්ට්‍රේලියාවේ මෙම ඖෂධයේ මාසික වියදම ඩොලර් 260ත් 395ත් අතර වන අතර දැනට Pharmaceutical Benefits Scheme හෙවත් PBS සහනාධාරය හිමිවන්නේ නැහැ.
Sydney නගරයේ Wetherill Park ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැල් වෙත මේ වනවිටත් ඖෂධ තොග ලැබී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් ඖෂධ අලෙවිසැල් වෙත ද බෙදාහැරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. පිලිපීනයේ මැනිලා නුවරදී අද,...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...
ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින්...
2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක David Warner...
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එකම ස්ථානයකදී හමුවීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලාංකික සංස්කෘතියේ රසය විඳගැනීමට අවස්ථාව සලසන...
ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...
ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day...

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ පහ නවතම Domain House Price