Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින බව අලුත්ම ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ Flinders University විසින් සිදුකළ මෙම පර්යේෂණයේදී දරුවන්ගේ ආහාර පුරුදු සහ මානසික සෞඛ්‍යය පිළිබඳ මීට පෙර සිදුකළ අධ්‍යයන 17ක දත්ත විශ්ලේෂණය කරනු ලැබුවා.

ඒ අනුව අධික මේදය, සීනි සහ ලුණු අඩංගු ක්ෂණික ආහාර සහ අධික ලෙස සැකසූ ආහාර නිතර පරිභෝජනය කරන දරුවන් අතර මානසික සෞඛ්‍ය ගැටලු, අවධානය යොමුකිරීමේ අපහසුතා සහ අධ්‍යාපන කාර්යසාධනය පහළ මට්ටමක පැවතීම අතර සම්බන්ධතාවක් හඳුනාගෙන තිබෙනවා.

Advertisement

විශේෂයෙන්ම සීනි අධික බීම වර්ග, අධික මේදය සහිත ක්ෂණික ආහාර සහ පෝෂණ ගුණයෙන් අඩු ආහාර පුරුදු දරුවන්ගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වය සමඟ ද සම්බන්ධ වී ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ඊට වෙනස්ව පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, මාළු සහ කිරි ආශ්‍රිත පෝෂ්‍යදායී ආහාර වැඩි වශයෙන් ලබාගන්නා දරුවන් අතර වඩා හොඳ මානසික සෞඛ්‍යයක් සහ අධ්‍යාපන ප්‍රතිඵල දක්නට ලැබෙන බව ද අනාවරණය වී තිබෙනවා.

Banner 01

පර්යේෂණයට සම්බන්ධ Flinders Universityහි ආචාර්ය Zegeye Abebe Abitew පෙන්වා දෙන්නේ, කුඩා වයසේ සිටම දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හඳුන්වාදීම ඔවුන්ගේ දිගුකාලීන සෞඛ්‍යයට ඉතා වැදගත් බවයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් බොහෝ පවුල්වලට පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීම අභියෝගයක් වී ඇති බව ද පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීම මෙන්ම එවැනි ආහාර අඩු මිලට ලබාගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම ද අවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...

ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...

BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට...

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක්...

ඔස්ට්‍රේලියාවේ Queensland සහ New South Wales ප්‍රාන්තවල මිලියන ගණනක ජනතාවට ඉදිරි දින කිහිපය තුළ දරුණු ගිගුරුම් සහිත වැසි, විනාශකාරී සුළං...

වික්ටෝරියාවේ විපක්ෂය ඉදිරිපත් කර ඇති නව යෝජනාවක් යටතේ එකම නිවසක පරම්පරා කිහිපයකට ජීවත් වීමට වැඩි නිදහසක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා....

හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන්ට දෙන Junk Food ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

මෙල්බන් ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ අතපසුවීමක් ගැන පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18 වැනිදා පැවති මෙම සිදුවීමේදී මැතිවරණ

Read More »

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Read More »

දරුවන්ට දෙන Junk Food ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

Read More »

වසර 21කට පසු ලොව ප්‍රධාන ගුවන් සේවයක් යළි මෙල්බන්වලට

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

Read More »

Donald Trump ලබන වසරේ ඔස්ට්‍රේලියාවට?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

Read More »

සිඩ්නිහි දැවැන්ත ත්‍රස්ත විරෝධී මෙහෙයුමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom