Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2027 වසරේ ජනවාරි 11 වැනිදා සිට මෙල්බන් සහ ලන්ඩන්හි Heathrow ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ගුවන් ගමන් මැලේසියාවේ Kuala Lumpur හරහා ක්‍රියාත්මක වන අතර Boeing 787 Dreamliner වර්ගයේ ගුවන් යානා ඒ සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

British Airways ගුවන් සේවය අවසන් වරට මෙල්බන් ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබුණේ 2006 වසරේ මාර්තු මාසයේදීයි.

නව සේවාව යටතේ මෙල්බන් සිට ලන්ඩන් බලා පිටත්වන BA34 ගුවන් යානය දිනපතා පස්වරු 4.35ට මෙල්බන් ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිතයි.

Banner 01

එය මැලේසියාවේ Kuala Lumpur නුවරට එදින රාත්‍රී 9.35ට ළඟාවන අතර එතැන් සිට ලන්ඩන් බලා ගමන් කර පසුදින උදෑසන 5.20ට Heathrow ගුවන්තොටුපොළට ළඟාවීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නව ගුවන් සේවාව සඳහා Economy, Premium Economy, Business Class සහ First Class යන ආසන පන්ති හතරම ලබාදීමට නියමිතයි.

ගුවන් සේවය නිවේදනය කළ ආරම්භක ගාස්තු අනුව මෙල්බන් සහ ලන්ඩන් අතර ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,960ක සිට ආරම්භ වනවා.

මෙම සේවාව ආරම්භ කිරීමත් සමඟ British Airways ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ගුවන් ගමන් මාර්ග සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ යන අතර දැනට පවතින සිඩ්නි–ලන්ඩන් සේවාවට මෙල්බන්–ලන්ඩන් සේවාව ද එක්වනු ඇති.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්‍රයෙන් සොරකම් කර...

ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන්...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South...

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය අද (නොවැම්බර් 18) හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි....

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 21කට පසු ලොව ප්‍රධාන ගුවන් සේවයක් යළි මෙල්බන්වලට

මෙල්බන්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට

2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද Best of

Read More »

දරුවන්ට දෙන Junk Food ගැන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන කාර්යසාධනය සමඟ අහිතකර සම්බන්ධතාවක් පවතින

Read More »

වසර 21කට පසු ලොව ප්‍රධාන ගුවන් සේවයක් යළි මෙල්බන්වලට

වසර 21කට ආසන්න කාලයකට පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගුවන් සේවය වන British Airways, මෙල්බන් සිට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව

Read More »

Donald Trump ලබන වසරේ ඔස්ට්‍රේලියාවට?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට

Read More »

සිඩ්නිහි දැවැන්ත ත්‍රස්ත විරෝධී මෙහෙයුමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South Wales ප්‍රාන්ත පොලිසිය සහ Australian

Read More »

බර අඩුකරන Pill එක අද සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද (නොවැම්බර් 20) සිට ඔස්ට්‍රේලියාවේ අලෙවියට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom