

ඔස්ට්‍රේලියාවේ BMW හිමියන්ට හදිසි අනතුරු ඇඟවීමක්
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා.
Product Safety Australia ආයතනය විසින් Eufy Smart Sock Monitor (Model T8340) නමැති උපකරණය මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.
බිළිඳුන් නිදා සිටින විට ඔවුන්ගේ හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ අනෙකුත් ශාරීරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම උපකරණය භාවිත කරනවා.

කෙසේ වෙතත්, එහි සවිකර ඇති Sensor කොටස ගැලවී යා හැකි අතර, එය බිළිඳෙකු ගිල දැමුවහොත් හුස්ම හිරවීමෙන් බරපතළ අනතුරක් සිදුවිය හැකි බවයි බලධාරීන් පවසන්නේ.
2023 ජනවාරි පළමුවැනිදා සිට 2026 ජූලි 30 දක්වා කාලය තුළ මෙම උපකරණය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳසැල් රැසක අලෙවි කර තිබෙනවා.
ඒ අනුව අදාළ උපකරණය වහාම භාවිතයෙන් ඉවත් කර මිලදීගත් වෙළෙඳසැලට ආපසු භාරදී සම්පූර්ණ මුදල ලබාගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දී තිබෙනවා.
One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක්...
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...
හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...
බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...
ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි...

ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series, 3 Series, 4 Series, 5

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු මතුව තිබෙනවා. පසුගිය අගෝස්තු