Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්‍රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට Qantas සමාගමට අයත් QantasLink ප්‍රාදේශීය ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Qantas සමාගම නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නව ගුවන් සේවාව 2027 වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.

පාස්කු නිවාඩුව මෙන්ම ශීත සහ වසන්ත ඍතුවල පාසල් නිවාඩු කාලයන් ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ගමන් සැලසුම් කර තිබෙනවා.

Advertisement

ඒ අනුව, අදාළ නිවාඩු කාලවලදී සඳුදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා.

මේ සඳහා Q400 වර්ගයේ ගුවන් යානා යොදා ගැනෙන අතර මගීන් වෙනුවෙන් ආසන 5,300කට අධික සංඛ්‍යාවක් වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Banner 01

2027 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම නව ගුවන් සේවාව සඳහා ටිකට්පත් කලින් වෙන්කර ගැනීමේ අවස්ථාව ඊයේ (26) සිට ලබාදී තිබෙනවා.

නව ගුවන් සේවාව හඳුන්වාදීම නිමිත්තෙන්, එක් ගමන් වාරයක් සඳහා (One-way Ticket) Economy පන්තියේ ගුවන් ටිකට්පත් ඔස්ට්‍රේලියානු ඩොලර් 159 සිට මිලදී ගැනීමට විශේෂ අවස්ථාවක් ලබාදී තිබුණා.

මෙම විශේෂ මිල යටතේ ටිකට්පත් මිලදී ගැනීමට ඊයේ රාත්‍රී 11.59 දක්වා හෝ ඒ සඳහා වෙන් කර තිබූ ටිකට්පත් අවසන් වනතුරු අවස්ථාව සලසා දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජයේ නව ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ක්‍රමය යටතේ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු සහන පුළුල් කිරීමේ යෝජනාවක් සෙනෙට්...

ඔස්ට්‍රේලියාවේ අලුත දරුවන් බිහිකළ මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසු ප්‍රසව විෂාදය හෙවත් Postnatal Depression තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන...

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි නිවාස අලුත්වැඩියා කිරීමට සූදානම් වන පුද්ගලයන්ට, නිවාසවල සැඟවී පවතින Asbestos හේතුවෙන් දරුණු සෞඛ්‍ය හා මූල්‍ය අවදානම්වලට මුහුණ...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා....

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා...

ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...

දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ලිබරල් පක්ෂ සෙනෙට් සභික Leah Blyth එම පක්ෂයෙන් ඉවත් වී පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂයට එක්ව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Albury සිට Gold Coast යන්න දැන් තවත් පහසුයි

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

Read More »

නත්තලට දරුවන්ට තෑගි ගන්න දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

Read More »

Fake Website එකක් ගැන Home Affairs වෙතින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Read More »

Black Friday සහ Cyber Monday ගැන අනතුරු ඇඟවීමක්

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු

Read More »

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය යළි සිදුකරන ලෙස ඉල්ලීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom