Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වසර 12ක් පුරා Victoria ප්‍රාන්තයේ බලය හොබවන Labor පක්ෂය සහ Liberal–National Coalition සන්ධානය අතර පැවැත්වෙන මැතිවරණ සටන මෙවර වඩාත් උණුසුම් වී ඇති අතර, One Nation සහ Greens පක්ෂ කෙරෙහි ජනතා සහයෝගය ඉහළ යාම ද කැපී පෙනෙන විශේෂත්වයක් වනවා.

නොවැම්බර් 27 වැනිදා ප්‍රකාශයට පත් කළ Newspoll ජනමත සමීක්ෂණයට අනුව, මනාප ඡන්ද සැලකිල්ලට ගනිමින් ප්‍රධාන පක්ෂ දෙක අතර ගණනය කළ ඡන්ද ප්‍රතිශතය Liberal–National Coalition සන්ධානයට 57.5%ක් සහ Labor පක්ෂයට 42.5%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

2014 වසරේ Daniel Andrewsගේ නායකත්වයෙන් බලයට පත්ව අඛණ්ඩව මැතිවරණ තුනක් ජයගත් Labor පක්ෂයේ දිගුකාලීන බලකොටු රැසක් මෙවර දැඩි අභියෝගයකට ලක්ව ඇති බව මැතිවරණ විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙනවා.

Advertisement

හිටපු ප්‍රාන්ත අගමැතිනි Jacinta Allanගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව පසුගිය ජූලි 28 වැනිදා වික්ටෝරියාවේ 50 වැනි ප්‍රාන්ත අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් Ben Carrollට සිය ධුරයට පත්ව මාස හතරක් ගතවන විට මෙම තීරණාත්මක මැතිවරණයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

වසර 50ක් පුරා Labor පක්ෂය සතුව පැවති Niddrie මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන Ben Carroll මෙවර සිය ආසනයෙන් පරාජයට පත්වුවහොත්, 1945 වසරෙන් පසු වසර 81ක ඉතිහාසය තුළ ධුරයේ සිටියදීම තම මැතිවරණ ආසනය අහිමි වූ පළමු වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති.

Banner 01

එමෙන්ම හිටපු ප්‍රාන්ත අගමැතිවරුන් වන Daniel Andrews සහ Jacinta Allan නියෝජනය කළ Mulgrave සහ Bendigo East යන Labor බලකොටු ද මෙවර දැඩි තරගකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් පෙනී යනවා.

මේ අතර, 36 හැවිරිදි Liberal පක්ෂ නායිකා Jess Wilson මැතිවරණයෙන් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවුවහොත්, මැතිවරණ ජයග්‍රහණයක් හරහා Victoria ප්‍රාන්ත අගමැති ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසත්, සියවසකට අධික කාලයකින් එම ධුරයට පත්වන ලාබාලතම නායකයා ලෙසත් ඇය ඉතිහාසයට එක්වනු ඇති.

අඛණ්ඩව සිව්වැනි වරටත් බලය ලබාගැනීමට Labor පක්ෂය දරන උත්සාහය, විපක්ෂයේ බලය ලබාගැනීමේ සටන සහ සුළු පක්ෂ වෙත ජනතා සහයෝගය ඉහළ යාම හේතුවෙන් මෙවර Victoria මැතිවරණය සමස්ත ඔස්ට්‍රේලියාවේම විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි...

ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී තවදුරටත් Cost of Living සහන ලබාදීමේ හැකියාව සීමිත බව අගමැති Anthony Albanese පවසනවා. ඒ අතර, ජනතාවට ඖෂධ මිලදී...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින්...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියැවෙයිද? – විශේෂ මැතිවරණ විශ්ලේෂණය

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

Read More »

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom