Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා.

මෙම නව ගාස්තුව සාමාන්‍ය වීසා අයදුම් ගාස්තුවට අමතරව ගෙවිය යුතු අතර, එය වෙනුවට ගෙවන මුදලක් නොවෙයි.

ඒ අනුව, සාමාන්‍යයෙන් ඩොලර් 2,500ක් වූ ශිෂ්‍ය වීසා (Subclass 500) ගාස්තුව ඩොලර් 4,000ක් දක්වා ඉහළ යනවා.

Advertisement

ඩොලර් 5,750ක් වූ තාවකාලික උපාධිධාරී වීසා (Subclass 485) ගාස්තුව ඩොලර් 7,250ක් දක්වාත්, ඩොලර් 11,710ක් වූ සහකරු හෝ සහකාරිය සඳහා වන වීසා (Subclass 820/801) ගාස්තුව ඩොලර් 13,210ක් දක්වාත් ඉහළ යනවා.

මෙම අමතර ගාස්තුව එක් අයදුම්පතකට පමණක් නොව, අදාළ කොන්දේසි යටතේ එම අයදුම්පතට ඇතුළත් වන පවුලේ සාමාජිකයන්ගෙන්ද එක් අයෙකුට ඩොලර් 1,500 බැගින් අය කෙරෙනවා.

Banner 01

විශේෂයෙන්ම 485 වීසා සඳහා ප්‍රධාන අයදුම්කරු ඔස්ට්‍රේලියාව තුළ සිටම අයදුම් කළ යුතු බැවින්, බොහෝ උපාධිධාරීන්ට මෙම නව ගාස්තුවෙන් වැළකී සිටීමට හැකියාවක් නැහැ.

කෙසේ වෙතත්, සියලුම වීසා අයදුම්කරුවන්ට මෙම ගාස්තුව අදාළ නොවන අතර, ඇතැම් රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ විශේෂ අධ්‍යයන පාඨමාලා හදාරන සිසුන්ට නිදහස් කිරීම් ලබාදී තිබෙනවා.

නොවැම්බර් 28 වැනිදා හෝ ඉන් පසුව ඉදිරිපත් කරන අදාළ වීසා අයදුම්පත්වලට මෙම නව නීතිය බලපැවැත්වෙනවා.

ඊට පෙර ඉදිරිපත් කළ අයදුම්පත්වලට මෙම අමතර ගාස්තුව අදාළ වන්නේ නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ආදිවාසී දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වාර්ෂික ඇගයීම් වාර්තා නිකුත් කිරීමට...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන්...

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි...

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...

ඔස්ට්‍රේලියාව පුරා මාර්ග දෙපස සහ පොදු ස්ථානවල නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව...

Virgin Australia ගුවන් සේවයේ සේවකයන් අද (26) වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන් සහ...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින්...

AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

Read More »

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom