

වික්ටෝරියාවේ ආර්ථික අනාගතය ගැන සමාගම් ප්‍රධානීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය හැකි බවට පළවූ වාර්තාවක් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Richard Marles ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමෙරිකානු කොංග්‍රසයේ අයවැය කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව, එරට සබ්මැරීන නිෂ්පාදන කර්මාන්තය දැනටමත් නාවික හමුදාවේ ඉල්ලුම සපුරාලීමේ අභියෝගවලට මුහුණ දෙනවා.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ සබ්මැරීන නිෂ්පාදනය ඉහළ යමින් පවතින අතර AUKUS ගිවිසුම සැලසුම් කළ පරිදි ඉදිරියට ක්‍රියාත්මක වන බවයි Richard Marles අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව, 2030 දශකයේ මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවට පළමු Virginia Class න්‍යෂ්ටික සබ්මැරීනය ලබාගැනීමේ ඉලක්කය තවදුරටත් පවතින බව ඔහු පවසනවා.
මේ අතර, ඇමෙරිකානු සමාගම් විදේශ රටවල AI Data Centres ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු පැනවීමේ අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.
එහෙත් ඔස්ට්‍රේලියාවේ AI Data Centres සඳහා ඇමෙරිකානු ආයෝජන ආකර්ෂණය කරගැනීමට රජය තවදුරටත් කටයුතු කරන බවයි ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
විදේශීය මැදිහත්වීම් සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම් හඳුනාගෙන, ජාතික ආරක්ෂාව තහවුරු කරමින් මෙම ආයෝජන සිදුකිරීම අත්‍යවශ්‍ය බව ද රජය පෙන්වා දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක්...
පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...
ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙමින් මාස 10කින් වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබෙනවා. නවතම රැකියා විරහිතභාවය පිළිබඳ දත්ත නිකුත්...
ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා...
ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව