

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

ඔස්ට්‍රේලියාව පුරා මාර්ග දෙපස සහ පොදු ස්ථානවල නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නවතම දත්ත අනාවරණය කරනවා.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා එවැනි සිදුවීම් 222,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 11.5%ක වැඩිවීමක් බවයි සඳහන් වන්නේ.
මේ අතර, South Australia ප්‍රාන්තයේ Murray Bridge ප්‍රදේශයේ Pope Road මාර්ගය අසල ඇඳුම්, සෙල්ලම් බඩු සහ ගෘහස්ථ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බැහැර කර තිබීමේ සිදුවීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

Snap Send Solve ආයතනයට අනුව, නීතිවිරෝධී කසළ බැහැර කිරීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ Victoria ප්‍රාන්තයෙන් වන අතර, South Australia, Queensland සහ Western Australia ප්‍රාන්තවලද පැමිණිලි ඉහළ යාමේ වේගය වැඩි වී තිබෙනවා.
මෙලෙස නීතිවිරෝධී ලෙස බැහැර කරන අපද්‍රව්‍ය අතර වාහන ටයර්, ගොඩනැගිලි අපද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ සහ මෙට්ට බහුලව දක්නට ලැබෙන අතර, South Australia ප්‍රාන්තයේ මෙවැනි වැරදි සඳහා අපද්‍රව්‍ය වර්ගය සහ ප්‍රමාණය අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 30,000ක් දක්වා අධිකරණ දඩ නියම කළ හැකි බවයි වාර්තා වන්නේ.
කසළ බැහැර කිරීම සඳහා ඇති පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබාගැනීමට නොහැකි වීම සහ ඒ පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය අඩුවීම මෙම ගැටලුව උග්‍ර වීමට බලපාන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, කසළ නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කරන ලෙසත්, මාර්ග දෙපස සහ පොදු ස්ථානවල නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවද ඔවුන් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී, ප්‍රාන්ත අගමැති Ben Carrollට තමන් නියෝජනය කරන Niddrie ආසනය පවා අහිමි වීමේ...
හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...
ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය...
ඔස්ට්‍රේලියාවේ දෙවැනි සහ තෙවැනි වසරේ Working Holiday Visa ලබාගැනීම සඳහා හඳුන්වාදීමට සැලසුම් කළ Ballot ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා...
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...
ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක්...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර