

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 6ට අවසන් වුණා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතයි.
මෙවර මැතිවරණය විශේෂ අවධානයකට ලක්ව තිබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාලන බලය නැවතත් කම්කරු පක්ෂයට හිමිවේද, නැතහොත් ලිබරල් පක්ෂය බලයට පැමිණේද යන්න පිළිබඳව දැඩි තරගයක් පැවතීම හේතුවෙන්.
වත්මන් අගමැති බෙන් කැරොල්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ජෙස් විල්සන්ගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය බලය ලබාගැනීමේ අරමුණින් තරග කළා.

එමෙන්ම Pauline Hansonගේ One Nation පක්ෂයද මෙවර මැතිවරණයේදී විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිවෙකුට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ බල තුලනය තීරණය කිරීමේදී එම පක්ෂයටද වැදගත් භූමිකාවක් හිමිවිය හැකි බවට අවධානය යොමුව තිබෙනවා.
මෙවර මැතිවරණයේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 88ක් සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 40ක් සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට නියමිතයි. පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ලබාගැනීමට පක්ෂයකට ආසන 45ක් අවශ්‍ය වනවා.
ඡන්දදායකයන් මිලියන 4.7කට වැඩි පිරිසක් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර, නොවැම්බර් 27 වනදා වන විටත් මිලියන 2.28කට වැඩි පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්. එය ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට 48.3ක් පමණ වනවා.
ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ අද පස්වරු 6 සිට ඡන්ද ගණන් කිරීම ආරම්භ වන අතර, මුල් ප්‍රතිඵල ඔස්සේ ආසන කිහිපයක තත්ත්වය පිළිබඳ මූලික අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති. කෙසේ වෙතත් තැපැල් ඡන්ද සහ පූර්ව ඡන්ද ඇතුළු සියලු ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි අවසන් ප්‍රතිඵල තහවුරු වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නිල ප්‍රතිඵල දෙසැම්බර් 9 සිට 15 දක්වාත්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රතිඵල දෙසැම්බර් 16 සිට 18 දක්වාත් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ පාලකයන් තීරණය කරන තීරණාත්මක මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව දැන් සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දී ඇති අතර, වසර 12ක Labor පාලනය අවසන් කරමින් Liberal-National Coalition...
Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට...
ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...
මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...
ඔස්ට්‍රේලියාවේ Discretionary Trusts සඳහා සියයට 30ක අවම බද්දක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට ග්‍රීන්ස් පක්ෂයේ සහාය හිමිව තිබෙනවා....
දුම්රිය සේවකයන් සැලසුම් කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් හෙට (27) සිට සතියක කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ අන්තර් ප්‍රාන්ත...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු...
1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...
තුර්කියේ පැවති COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අවසන් එකඟතාවකින් තොරව නිමාවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු දේශගුණික විපර්යාස සහ බලශක්ති අමාත්‍ය Chris...

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.