හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආරම්භක පිතිකරු David Warner, මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවකට අදාළව වරද පිළිගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ Sydney නගරයේදී සිදුකළ අහඹු මත්පැන් පරීක්ෂාවකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Warnerගේ නීතිඥ Bobby Hill මීට පෙරද අධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් Warner සම්පූර්ණ වගකීම භාරගෙන ඇති බවත්, එය නොසැලකිලිමත් සහ වගකීම් විරහිත තීරණයක් බවත් පිළිගත් බවයි.
අධිකරණයේදී ඉදිරිපත් කළ කරුණු අනුව, Easter ඉරිදා දිනයේ මිතුරෙකුගේ නිවසකදී වයින් වීදුරු තුනක් පානය කිරීමෙන් පසු Warner තම මෝටර් රථය ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
නීතිඥවරයා සඳහන් කළේ, Uber වැනි විකල්ප ප්‍රවාහන සේවාවක් භාවිත නොකර රිය පැදවීමට ගත් තීරණය මෝඩ සහ නොසැලකිලිමත් ක්‍රියාවක් බව Warner පිළිගෙන ඇති බවයි.
කෙසේවෙතත් මෙම නඩුවට අදාළ කරුණු පිළිබඳව පාර්ශ්ව අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන අතර, අධිකරණය ඉදිරි තීරණය පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.









