ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ආයතන ලබන ජූලි 1 වැනිදා සිට තම සේවකයන්ගේ Superannuation ගෙවන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවට රජය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් කලක් මාස තුනකට වරක් ගෙවීමට අවසර තිබූ Superannuation, සතිපතා හෝ දෙසතියකට වරක් ගෙවිය යුතු වනවා.
මෙම නව “Payday Super” නීතිය මගින් ඕස්ට්‍රේලියානු සේවකයන් මිලියනයකට අධික පිරිසකට අහිමි වූ ඩොලර් බිලියන 5.7ක මුදලක් සුරක්ෂිත වනු ඇති බවයි රජය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම හදිසි වෙනස නිසා බොහෝ ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙම නව නීතියට අනුගත වීම සඳහා සාමාන්‍ය ව්‍යාපාරයකට අමතරව ඩොලර් 124,000ක පමණ ප්‍රාග්ධනයක් අවශ්‍ය වන බවයි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ආයතනවලින් මෙම වෙනසට සූදානම් වී ඇත්තේ 12%ක් වැනි සුළු පිරිසක් පමණයි.
මේ අතර නියමිත දිනට Superannuation තැන්පත් කිරීමට අපොහොසත් වන ආයතනවලට දැඩි දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවනවා.
මෙම ක්‍රමය මගින් සාමාන්‍ය සේවකයෙකුට තමන් විශ්‍රාම ගන්නා විට අමතර ඩොලර් 7,700ක පමණ මුදලක් සිය ගිණුමට එකතු කර ගැනීමට හැකි වනු ඇති බවයි Superannuation මණ්ඩලය පෙන්වා දෙන්නේ.









