Youth Allowance හෝ Austudy ලබාගන්න සිසුන් තමන්ගේ අධ්යයන ප්රමාණය වෙනස් කරනවා නම් හැකි ඉක්මනින් දැනුම්දිය යුතු බව Services Australia පවසනවා.
සාමාන්යයෙන් මෙම ගෙවීම් ලබාගැනීමට පාඨමාලාවේ පූර්ණකාලීන අධ්යයන ප්රමාණයෙන් අවම වශයෙන් සියයට 75ක් අධ්යයනය කළ යුතුයි.
විෂයක් අතහැරීම, පාඨමාලාව වෙනස් කිරීම හෝ අසනීපයක් නිසා අධ්යයන ප්රමාණය අඩු වුණත් මේ පිළිබඳව දැනුම්දීම අවශ්ය වෙනවා.
අධ්යයන ප්රමාණය සියයට 75ට අඩු වුණොත් සාමාන්යයෙන් පූර්ණකාලීන ශිෂ්යයෙකු ලෙස සැලකෙන්නේ නැහැ.
ඒ හේතුවෙන් Youth Allowance හෝ Austudy ගෙවීම නතර වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බවයි Services Australia පවසන්නේ.
තමන්ගේ පාඨමාලාව, අධ්යයන අවසන් දිනය සහ study load වැනි තොරතුරු Centrelink online account එක හරහාද යාවත්කාලීන කළ හැකියි.
ඒ නිසා semester එක අතරතුර subjects අඩු කිරීමට හෝ course එක වෙනස් කිරීමට බලාපොරොත්තු වන සිසුන් තම Centrelink ගෙවීම්වලට එය බලපාන්නේදැයි කලින් පරීක්ෂා කිරීම වැදගත් වෙනවා.









