ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මිලිටරි සහ ගුවන් හමුදා කඳවුරුවලට රහසිගතව ඇතුළු වන නාඳුනන ඩ්‍රෝන යානා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ආරක්ෂක අංශ දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
පසුගිය වසර තුළ පමණක් ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා (RAAF) කඳවුරු ඉහළින් නාඳුනන ඩ්‍රෝන යානා සැරිසැරීමේ සිදුවීම් 147ක් වාර්තා වී ඇති බවයි හෙළිවී ඇත්තේ.
අතිශය සංවේදී සහ අධි තාක්ෂණික ප්‍රහාරක ජෙට් යානා පවතින Williamtown ගුවන් හමුදා කඳවුරේ ජනේලවල රෙදි තිර වසා දමන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මෙම ඩ්‍රෝන මගින් ඔත්තු බැලීම වැළැක්වීමටයි.
ඩ්‍රෝන විරෝධී තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන Justin Olde පවසන්නේ, මෙය යෞවනයින්ගේ ක්‍රියාවක් නොවන අතර යම් අනිසි අරමුණක් වෙනුවෙන් සිදුකරන ‘Grey Zone Warfare’ මෙහෙයුමක් විය හැකි බවයි.
යුක්‍රේන යුද්ධයේ දත්තවලට අනුව, යුද බිමේ සිදුවන හානිවලින් 80%කට ආසන්න ප්‍රමාණයක් සිදු වන්නේ ඩ්‍රෝන ප්‍රහාර මගිනුයි.
ඩොලර් සිය ගණනක් වටිනා කුඩා ඩ්‍රෝන යානයකින් ඩොලර් මිලියන ගණනක් වටිනා හමුදා රථ විනාශ කළ හැකි බැවින්, ඩ්‍රෝන තර්ජනය වැළැක්වීමට ඔස්ට්‍රේලියාව මීට වඩා දැඩිව අවධානය යොමු කළ යුතු බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායන් (ADF) මෙම ඩ්‍රෝන තර්ජන මර්දනය කිරීම සඳහා විශේෂ තාක්ෂණ සහ පුහුණු ක්‍රමවේද අත්හදා බැලීමට පියවර ගනිමින් සිටිනවා.









