සංචිත බැංකුව ඉදිරියේදී පොලී අනුපාත සම්බන්ධයෙන් ගන්නා තීරණ ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
RBA අධිපති Michele Bullock දන්නා පරිදි, පොලී අනුපාත තවත් ඉහළ දැමුවහොත් රැකියා විරහිතභාවය සියයට 5 ඉක්මවා යාමේ අවදානමක් පවතිනවා.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔස්ට්‍රේලියානු ආර්ථිකය අවපාතයකට යාමේ අවදානම ද වැඩි විය හැකියි.
කෙසේ වෙතත් උද්ධමනය නැවත පාලනයෙන් පිටතට යන බව පෙනී ගියහොත්, තවත් පොලී වැඩි කිරීමක් සලකා බැලීමට RBA මණ්ඩලයට සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.
එවැනි තීරණයක් නිවාස ණය ඇති පවුල්, ව්‍යාපාර සහ රැකියා වෙළෙඳපොළ මත තවත් පීඩනයක් ඇති කළ හැකියි.
RBAහි අරමුණ වන්නේ උද්ධමනය පාලනය කරන අතරම, රැකියා සහ ආර්ථික වර්ධනයට අධික හානියක් නොවන තත්ත්වයක් පවත්වා ගැනීමයි.
ඒ අනුව ඉදිරි ආර්ථික දත්ත සහ උද්ධමන තත්ත්වය, ඊළඟ පොලී තීරණ සඳහා තීරණාත්මක වනු ඇති බව විශ්ලේෂකයන් පවසනවා.









